Posts

Showing posts from September, 2018

ජාතික ගැටළුව විමසමු... දහවැනි කොටස... තෙවන නිමාව... ශ්‍රී.ල.නි.ප ප්‍රමුඛ පාලන සමයන් තුළ ජාතික ගැටළුව....

Image
ජාතික  ගැටළුව  විමසමු... දහවැනි  කොටස...  තෙවන   නිමාව... ශ්‍රී.ල.නි.ප  ප්‍රමුඛ  පාලන  සමයන් තුළ ජාතික  ගැටළුව.... මහින්ද  රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් බලයට  පත්  වෙද්දී  ජවිපෙ සහාය  දුන්  අතර එම එකඟතා  කොන්දේසි වල  බෙදුම්වාදයට  එරෙහිව  කරණු  ගණනාවක්   ඇතුළත් විය.  චන්ද්‍රිකා  මෙන්ම  මහින්ද  රාජපක්ෂද, ඒවාට  එකඟ  වූයේ  බෙදුම්වාදය  සැබෑ ලෙසම  පැරදවීමට  නොව,  හුදු  බලය  ලබා  ගැනීමේ  අරමුණිනි.  ඒ නිසාම  සටන් විරාම  ගිවිසුම  පවත්වාගෙන  යාමටත්,  නෝර්වේ  වැනි  අධිරාජ්‍යවාදී  රටවල  මැදිහත්වීම් වලට  ඉඩකඩ  සැලසීමත්, ඉන්දීය   හා  බටහිර  බලපෑම්වලට  අනුව  බලය  බෙදීම  පිළිබඳව  සර්ව  පාක්ෂික  කමිටු  පවත්වාගෙන  යාමත්,  බලය  බෙදීම  ප්‍රශ්නයට ඇති  එකම  විසඳුම  යැයි  පිළිගෙන  කටයුතු  කිරීමත්  දැකිය  හැකි විය. එහෙත් ඒ අතරම ජවිපෙද, ඇතුළුව බෙදුම්වාදී  විරෝධී  බලවේගයන්ගේ  බලපෑමත් නිසා  යම්  පමණක  එල්.ටී.ටී  විරෝධයක්  පෙන්නුම්  කිරීමට  ආණ්ඩුවට  සිදුවී  තිබුණි.  මෙසේ  ජාතික  ප්‍රශ්නයේ ගැටළුකාරී  බව  තව තවත්  උග්‍ර කරමින්  පැවති  අතර  ඉඳහිට  යුධ ජයග්‍රහණ  රටේ  පොදු  අර්බුධ  වසා  ගැනීමට  යොදා  ගන්නා ලදී.  රා

ජාතික ගැටළුව විමසමු.... නව වැනි කොටස.... දෙවන නිමාව.... ශ්‍රී.ල.නි.ප ප්‍රමුඛ පාලන සමයන් තුළ ජාතික ගැටළුව...

Image
ජාතික  ගැටළුව  විමසමු.... නව වැනි කොටස.... දෙවන  නිමාව.... ශ්‍රී.ල.නි.ප  ප්‍රමුඛ පාලන  සමයන් තුළ  ජාතික  ගැටළුව... 1994  අගෝස්තු  මාසයේ සිට  2001 දෙසැම්බර්  දක්වා  ලංකාවේ  පාලන  සුක්කානම  අතැතිව  සිටි  චන්ද්‍රිකා  බණ්ඩාරනායකගේ  පොදු පෙරමුණු පාලන  සමය  තුළ  තත්වය  බරපතල  අතට  පත්විය.  ව්‍යවස්ථා  සංශෝධනයක්  හරහා  (  ෆෙඩරල්  ව්‍යවස්ථාවක්  මඟින්  ) බෙදුම්වාදය  නීතිගත  කිරීමේ  උත්සාහයක  නියැළුනු  පොදු පෙරමුණු  පාලන  සමය, අසාර්ථක  "සාම  සාකච්ඡා"  හා  අසාර්ථක  යුධ  ප්‍රයත්නයන්   හරහා  ජාතික  ගැටළුව  වර්ථමාන  තත්වයට  සංකීර්ණ  කිරීමට   සැළකිය  යුතු   මෙහෙයක්  ඉටු කරන  ලදී.  නෝර්වේ  මැදිහත්වීම්  හරහා  බෙදුම්වාදයේ  ජාත්‍යන්තර   ප්‍රතිගාමීත්වයට   ලංකාව  තුළ  තහවුරු  වීම  සඳහා  ඉඩ ප්‍රස්ථාව  ලබා දීම  අතින්  චන්ද්‍රිකා  පාලනය  කැපී  පෙනුනි.                                          2004 අප්‍රේල්  02 වනදා  බලයට  පත්වුනු සන්ධාන  ආන්ඩුවේ  කොටස්කරුවෙකු වූ  ජ.වි.පේ  සම්බන්ධ වන්නේ ලංකාවේ  ජාතික  ප්‍රශ්ණය  රට බෙදීමේ  ඉමටම  එක්සත් ජාතික  පක්ෂ  පාලනය   විසින්  පත්කොට  තිබුණු  තත්වයක් තුළ

"ගින්නෙන් උපන් ශීතල" The Frozen Fire උණුසුම් වෙන්න පටන් අරන්..

Image
"ගින්නෙන් උපන් ශීතල" The Frozen Fire උණුසුම් වෙන්න පටන් අරන්.. මෙම චිත්‍රපටය මේ වන විට ඔස්කාර් සම්මාන සිනමා උළෙල සඳහා ඉදිරිපත් කිරිමට අවශ්‍ය එනම් අයදුම් කිරීම සදහා අවශ්‍ය මූලික සුදුසුකම් ලබා ගැනීම සඳහා වූ පියවරෙහි මූලික කටයුතු වන, ලොස් ඇන්ජලීස් නුවර ඕනෑම සිනමා ශාලාවක අවම වශයෙන් දර්ශනවාර 21ක් ප්‍රදර්ශනය කිරීම, ඒ වගේම එහිදී චිත්‍රපටය නැරඹීම සඳහා චන්දය ප්‍රකාශ කිරීම සදහාසුදුසුකම් ලත් අය (Voters) මෙම චිත්‍රපටය නැරඹීමට පැමිණීම මෙහිදී සිදු වන අනෙකුත් ප්‍රධාන කරුණක් වේ. මෙම චිත්‍රපටය ඇමරිකාවේ ප්‍රදර්ශනය කිරිමේ මූලික කටයුතු සිදු කරනු ලබන්නේ ඉන්දීය සමාගමක් මගිනි. මෙහිදී අප විසින් කරනු ලබන වැදගත් අවශ්‍යතාවක් වන ලොස් ඇන්ජලීස් නුවර ශ්‍රී ලාංකික සමාජය හරහා මෙමචිත්‍රපටය සඳහා චන්දය භාවිතා කරන්නන්ගේ (Voters) සහාභාගිත්වය උපරිමයෙන් ලබා ගැනීමට අපගේ ප්‍රචාරමය සහාභාගීත්වය ලබා දීමයි. ඒ සදහා ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ සභාපති විසින්, ලොස් ඇන්ජලීස් නුවර කවුන්සිල් ජනරාල් කාර්යාලය වෙත රාජ්‍යය මට්ටමින් කරන ලද ඉල්ලීමකට අනුව ද, මෙම චිත්‍රපටය අධ්‍යක්ෂක සහ කැමරා අධ්‍යක්ෂවරයා සමග ඇති මිත්‍රත්වය

ජාතික ගැටළුව විමසමු... අටවැනි කොටස... ශ්‍රී.ල.නි.පය ප්‍රමුඛ පාලන සමයන් තුළ ජාතික ගැටළුව...

Image
ජාතික ගැටළුව  විමසමු... අටවැනි  කොටස... පළමු නිමාව... ශ්‍රී.ල.නි.පය  ප්‍රමුඛ  පාලන  සමයන් තුළ  ජාතික  ගැටළුව...                                 නායකත්වය  පිළිබඳව  ප්‍රශ්නය  මුල් කරගෙන  එ.ජා.පයෙන්  කැඩී වෙන් වූ  බණ්ඩාරනායක  1951 සැප් 02 දා  ශ්‍රී.ල.නි.පය  පිහිටුවා ගන්නා  ලද අතර  ආරම්භයේදීම  පැය 24න්  සිංහල  භාෂාව  රාජ්‍ය භාෂාව  කිරීමේ  ජාතිවාදී සටන්  පාඨය  බලය  ලබා  ගැනීම  සඳහා  යොදා ගන්න  ලදී.  කලින්  රාජ්‍ය  භාෂාව  වශයෙන්  පැවැති  10% පමණ  ජනගහනය  යන්තමින් හෝ  කථාකළ  ඉංග්‍රීසි  වෙනුවට  භාෂාවන්  තුනම   එනම්  සිංහල,  දෙමළ,  ඉංග්‍රීසි  රජයේ  හා  පොදු  කටයුතු වලට  යොදා ගන්නවා  වෙනුවට  මේ  ධනපති  දේශපාලන  පක්ෂ  දෙකම  තරඟයට  සිංහල  භාෂාව  රාජ්‍ය  භාෂාව  කිරීමට  උනන්දු  වූහ.  ශ්‍රී.ල.නි.ප  නායකයින්ද  ලංකාවේ  ජාතික  ගැටළුවේ  විසඳිය  යුතුව  ඇති   බරපතල  ප්‍රශ්නයක්  වන  වතුකරයේ  දෙමළ  ජනතාව  සම්බන්ධයෙනුත්,  ඉන්දීය  සම්භවයක්  සහිත දෙමළ  ධනපතියන්  සම්බන්ධයෙනුත්  අනුගමනය   කළේ  එ.ජා.පය   අනුගමනය කළ  දෙබිඩි ප්‍රතිපත්තීන්ම  විය.  1972  සමගි  පෙරමුණු  රජය විසින්  නව  ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවත්

ජාතික ගැටළුව විමසමු.... හත්වැනි කොටස.... එජාප පාලන සමය තුළ ජාතික ගැටළුව...

Image
ජාතික  ගැටළුව  විමසමු.... හත්වැනි කොටස.... එජාප  පාලන  සමය තුළ ජාතික  ගැටළුව... දෙවන  නිමාව... ප්‍රේමදාස  ජනාධිපතිවරයාගේ වකවානුව  තුළ  එල්.ටී.ටී.ඊ  සංවිධානයට  මුදල්, ආයුධ හා  ද්‍රව්‍යමය  ආධාර  ලබාදීමත්  විසින්   මෑත  ඉතිහාසය  තුළ  ජාතික  ගැටළුව  අද   පවතින  සංකීර්ණත්වයට  රැගෙන  ඒම  සඳහා  එ.ජා.පක්ෂය  බරපතළ  අයුරින්  දායක  වී  ඇත.  එ.ජා.ප.  පාලන  සමයන්  තුළ  ජාතික  ගැටළුවේ  විකාශනයේ  තර්කානුකූල  අවසානය  ලෙස  විය  යුතු  පරිදිම  2001 දෙසැම්බර්  මැතිවරණයෙන්   පසු  ගොඩනැගුනු  රනිල්  පාලනය  විසින්  අධිරාජ්‍යවාදීන්ගේ  සියළු  අවශ්‍යතාවයන්  මුදුන්  පමුණුවාගැනීමට  ඉඩ  සලසමින්  එල්.ටී.ටී.ඊ සමග  ගිවිසුමකට  එළැඹුණි.  මෙමගින්  වෙනම  දෙමළ  ඊළාම්  රාජ්‍යයක්  ගොඩනැගීම  සඳහා  වූ  දෙමළ   ජාතිවාදී  සන්නද්ධ  ව්‍යාපාරය   ඉහළ  තලයකට ඔසවා  තැබුණු  අතර,  බෙදුම්වාදී  දේශපාලනය  පිළිබඳව  ලාංකීය  අත්දැකීම  නව  පරිච්ඡේදයක්  වෙත  අවතීර්ණ  විය.   සටන් විරාම  ගිවිසුම  මගින්  එල්.ටී.ටී.ඊ  සංවිධානය, 1. රාජ්‍ය තාන්ත්‍රික 2. ආර්ථිකමය 3. යුධමය 4. දේශපාලනිකමය 5. ජනමාධ්‍ය    ආදී   ක්ෂේත්‍රවල   විශාල  ජයග්‍රහණ

ජාතික ගැටළුව විමසමු.... හයවැනි කොටස... එජාප පාලන සමයන් තුළ ජාතික ගැටළුව....

Image
ජාතික  ගැටළුව  විමසමු.... හයවැනි  කොටස... පළමු නිමාව... එජාප පාලන  සමයන් තුළ  ජාතික  ගැටළුව.... 1946 සැප්තැම්බර් 06 වැනිදා  ඩී.එස්. සේනානායකගේ  නායකත්වයෙන් යුත් එක්සත් ජාතික  පක්ෂය  පිහිටුවා ගත්තද,  මේ  ධනපති  පක්ෂ තුළට එක් එක් ජාතිකත්වයන්ට  අයත්  ධනපති  පන්තියේ සියළු පක්ෂ ඒකරාශී  වූයේ  නැත.  එක්සත් ජාතික  පක්ෂය  යැයි නම තබා  ගත්තද,  එය තුළ එක්සත් ජාතිකත්වයක්  නියෝඅනය  වූයේ  නැත.  දෙමළ  ධනපති  පන්තිය  නියෝජනය  කළාවූ සමස්ථ  ලංකා  දෙමළ  සංගමයත් වතුකරයේ  ලංකා- ඉන්දියානු  සංගමය වත්  මේ  සඳහා  හවුල් කරගැනීමට  එ.ජා.  පක්ෂයට  නොහැකි විය.  ඩී.එස්  සේනානායකගේ  ඉන්දු- පකිස්තාන්  පුරවැසි  පණතත්, වතුකරයේ  දෙමළ කම්කරුවන්  අරඹයා ජාතිවාදී  පදනමින් තේරූ ක්‍රියාමාර්ගත්,  අධිරාජ්‍යවාදීන්ගේ  පසුම්බියේ  දමාගෙන  පැමිනි දෙමළ ධනපති බෝරා කාරයින්  සම්බන්ධයෙන්  එයට  වෙනස්  ලෙස  ක්‍රියාමාර්ග තේරීමත්  ඔවුන්ට  සම්මාන  පුරවැසිකම්  ප්‍රදානය  කිරීමත්,  ඉඹුල්ගොඩට  පා ගමන්  සංවිධානය  කරමින්  ජේ. ආර්.  බලයට  ඒම  සඳහා  පමණක් සිංහල  භාෂාව     සම්බන්ධයෙන්  මහත් වූ  දේශප්‍රේමයෙන්  කථා  කිරීමත්  මඟින්  එජාපය මුල් ප

ජාතික ගැටළුව විමසමු... පස්වැනි කොටස....

Image
ජාතික  ගැටළුව  විමසමු... පස්වැනි  කොටස.... යටත්විජිත උපායමාර්ග  හමුවේ  ලාංකීය  ජාතික  ව්‍යාපාරය  දුර්වලවීම්  හා  ධනපති පංතියේ  සිංහල  ජාතිවාදය  හා  දෙමළ  ජාතිවාදය.... ලංකාවේ  ජාතික ව්‍යාපාරය  ආරම්භයේ  සිංහල,  දෙමළ, මුස්ලිම්  නායකයින්  එක්ව  කටයුතු  කරණු   දක්නට  තිබුණි. විශේෂයෙන්  පොන්නම්බලම් අරුණාචලම්,  සිද්ධි ලෙබ්බේ   වැනි අය  කැපී  පෙනුනි.  එහෙත්  පසුව  මෙම පොදු  හැඟීම  අභිබවමින්  ජාතික  මානසිකත්වයක්  වර්ධනය වූ  බව  පෙනේ.  එනිසා  ලංකාවේ  ජාතික  ව්‍යාපාරය  ඉක්මනින්ම  ජාතික  ව්‍යාපාරයක  පොදු  ශක්‍යතාවයෙන්   මිදුනාවූත්,  ජාතිකත්වයන්  එක්තැන් කරනවා  වෙනුවට   ඒවා  අතර  අසමගිය වර්ධනය  කරන්නාවූත්,  පොදු  මානසිකත්වයක්  ගොඩ නගනවා  වෙනුවට,  පටු  පාර්ශවීය  ජාතිකත්ව  හා වෙනත්  උවමනාවන්  තුළට  ජනතාව  ඇද දමනු  ලැබුවාවූත්  පසුගාමී  ලක්ෂණයන්ගෙන්  යුක්ත  විය.  ජාතික  ව්‍යාපාරයේ  බෙදීයාම  සිදු වූයේ  මෙසේය. *  1917  මැයි මාසයේදී  ලංකා  ප්‍රතිසංකරණ  සංගමය  පිහිටුවීම.  ( ලංකාවේ  ජාතික  ව්‍යාපාරය  දේශපාලන       අරමුණක්  සහිතව  කළ එළි බැසීම. ) * 1919 දෙසැ. 11  ලංකා  ජාතික  සංගමය  පිහිටුව

ජාතික ගැටළුව විමසමු... හතරවැනි කොටස....

Image
ජාතික  ගැටළුව  විමසමු... හතරවැනි  කොටස.... ලාංකීය  පසුගාමී   ක්‍රමය තුළ  ජාතික  ගැටළුව  වර්ධනය වූ   අයුරු.... උත්තරාරෝපිත  ලාංකීය ධනේෂ්වර ක්‍රමය, එහි උපතේ පටන්ම පසුගාමී ස්වාභාවයක්  ගන්නා  ලද  අතරම  වෙනත් බොහෝ  සමාජ-  ආර්ථික  ගැටළු  උත්සන්න  කිරීමට, එම සමාජ  තත්වය  බලපෑ  අයුරින්ම,  ජාතික  ගැටළුව  අද  පවතින  සංකීර්ණ  තත්වයට  පත් කිරීම  සඳහාද  බෙහෙවින්  හේතු පාදක වී  ඇත. අනෙක්  අතට,  ලංකීය  ධනේෂ්වර  සංවර්ධනය,  පළමුව  යටත්විජිත  වකවානුව  තුළත්,  පසුව  නව යටත්විජිත  වකවානුව තුලත්, විකාශනය වී  ඇති අතර, ජාතික  ගැටළුවේ  වර්ධනයවීම   එම විකාශනයන්ට  සමාන්තරව  විමසා  බැලිය  යුතුය.     බ්‍රිතාන්‍ය පාලන  සමය තුළ   ජාතිකත්වයන්   බෙදා  පාලනය  කිරීම... බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ  පාලන  කාලය තුළද  ජාතිකත්වයන් අතර  ස්වීකරණයවීමක්  සිදු නොවීය.  ජාතිකත්වයන්  අතර  මිත්‍රත්වය,  සමගිය, ස්වීකරණය,  යටත්විජිත ආන්ඩුවට  එහි පැවැත්මට  හිතකර   දෙයක්  නොවීම  නිසා  එක්  පැත්තකින්  ජාතික  වෙළෙඳපොළක්  නිර්මාණය  කරමින්  ජාතික  රාජ්‍යයකට  අත්තිවාරම  දමමින්,  මුලුමහත් දිවයිනම  එකම  ධජයක්,  එකම  නීතියක්,  එකම 

ජාතික ගැටළුව විමසමු... තුන්වැනි කොටස...

Image
ජාතික  ගැටළුව  විමසමු... තුන්වැනි  කොටස... මුස්ලිම් ජාතිකත්වයේ  විකාශය... පෘතුගීසීන්  ඉන්දියන් සාගරයට  සමීප  වනවිට  ඉන්දියන්  සාගරයේ න් වෙළෙඳ  ආධිපත්‍යය  හිමිකරගෙන  සිටියේ  මුස්ලිම්වරු  විසිනි. මොවුහු  ඉන්දියාවේ  මලබාරයේ  පදිංචිව  සිටියහ.  13වන   සියවස  පටන්  ඉන්දු- ලංකා  වෙළෙඳාම  පැවැතියේ  මොවුන්  අතය. පෘතුගීසීන්  ලංකාවට ගොඩ  බසින  විට  කොළඹ  නගරය  මූලිකවම   මුස්ලිම්  ජනාවාසයක්  විය.  නිරිතදිග  මුහුදුබඩ  ප්‍රදේශයේදී  පෘතුගීසීන්  හා  ලන්දේසීන්  ගැටීම  හේතු කොටගෙන  එම  ප්‍රදේශ වලින්  ඉවත්වීමට සිදු වුවත්  ඔවුන්  කන්ද  උඩරට  රාජධානියට  අයත්  නැගෙනහිර  වෙරළෙහි  පදිංචි වූහ. අද දවසේත්  මොවුන්  නැගෙනහිර  වෙරළබඩත්,  බටහිර  වෙරළබඩත් ප්‍රධාන  නගරවලත්  රාශීභූත  වී  සිටී.  මොවුන්  කතාකරන්නේ  දෙමළ  භාෂාවය.  නමුත්  මෙය  අරාබි  බලපෑමට  හසුවී  යම්  පමණකට  ප්‍රාදේශීයකරණය  වුවකි.  මෙය  තමිල්නාඩුවේ  හෝ  වතුකරයේ  හෝ  යාපනයේ  කතාකරන  දෙමළ  උච්ඡාරණයට  වඩා  වෙනස්  වූවකි.  ඉස්ලාම්  ආගම  ඇදහීම  හා  වෙළුනු   සමාජ  සංස්කෘතික  ජීවිතය  හේතුකොට ගෙන මොවුහු  දෙමළ  ජාතිකත්වයෙන්  මූලික  වශයෙන්  වෙනස්වෙති.  පස

ජාතික ගැටළුව විමසමු... දෙවැනි කොටස....

Image
ජාතික  ගැටළුව  විමසමු... දෙවැනි   කොටස.... සිංහල  ජාතිකත්වයේ  විකාශය... ලංකාවේ  ජාතික  ගැටළුව  නිර්මාණය   වීම  සඳහා   එය  බහු ජාතික රාජ්‍යයක්  වීම  විශේෂයක්  විය.  ඒනිසා  ලංකාවේ  සිංහල,  දෙමළ,  මුස්ලිම්  ජාතිකත්වයන්ගේ  ඓතිහාසික  විකාශනය   සැකෙවින්  විමසා  බලමු.... ක්‍රිස්තු පූර්ව  20වැනි   හා   10වැනි  සියවස්  අතර  කාලයේදී ඉන්දීය  උපමහද්වීපයට  වයඹ  ප්‍රදේශය  හරහා  සංක්‍රමණයවූ  ආක්‍රමණශීලී,  පීතෲ  මූලික   ඉන්දු- යුරෝපීය  ගෝත්‍ර හරහා  ඉන්දියාවේ,  පාකිස්ථානයේ  හා  බංග්ලාදේශයේ  වර්තමාන  ශිෂ්ඨාචාරයන්ට  අත්තිවාරම  වැටුනු  බවට  ඉතිහාසය  පෙන්වා දෙයි.  ඉන්දියාවේ  උතුරු  ප්‍රදේශයේ  තහවුරුව  සිටි  ආසියාතික,  සමාජ ආර්ථික  රටාවකට  හිමිකම්  පෑ  මේ  රණකාමී  ඉන්දු-  යුරෝපීයයන්ගේ ඉදිරි  ගමනත්  සමග  ලංකාවේද  ජනාවාස  බිහිවීම  සිදුවී  ඇත.  ලංකාවේ  ස්වදේශිකයන්  යටපත් කරමින්, පරාජය  කරමින්  විටෙක විනාශ  කරමින්   හා  සම්මිශ්‍රණය  වෙමින්   ලංකාවේ  ජනාවාස  බිහිවීම  සිදුවී  ඇත. මීට  සමාන්තරව  සිංහල  භාෂාව  නිර්මාණය වීම  හා  බුද්ධාගම  භාවිතයට   පැමිණීමත්   සමගම  සිංහල  ජාතිකත්වයේ  විකාශනය  ඇරඹුනු  බව