ජාතික ගැටළුව විමසමු.... නව වැනි කොටස.... දෙවන නිමාව.... ශ්‍රී.ල.නි.ප ප්‍රමුඛ පාලන සමයන් තුළ ජාතික ගැටළුව...
ජාතික ගැටළුව විමසමු....
නව වැනි කොටස....
දෙවන නිමාව....
ශ්‍රී.ල.නි.ප ප්‍රමුඛ පාලන සමයන් තුළ ජාතික ගැටළුව...
1994 අගෝස්තු මාසයේ සිට 2001 දෙසැම්බර් දක්වා ලංකාවේ පාලන සුක්කානම අතැතිව සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පොදු පෙරමුණු පාලන සමය තුළ තත්වය බරපතල අතට පත්විය. ව්‍යවස්ථා සංශෝධනයක් හරහා ( ෆෙඩරල් ව්‍යවස්ථාවක් මඟින් ) බෙදුම්වාදය නීතිගත කිරීමේ උත්සාහයක නියැළුනු පොදු පෙරමුණු පාලන සමය, අසාර්ථක "සාම සාකච්ඡා" හා අසාර්ථක යුධ ප්‍රයත්නයන් හරහා ජාතික ගැටළුව වර්ථමාන තත්වයට සංකීර්ණ කිරීමට සැළකිය යුතු මෙහෙයක් ඉටු කරන ලදී. නෝර්වේ මැදිහත්වීම් හරහා බෙදුම්වාදයේ ජාත්‍යන්තර ප්‍රතිගාමීත්වයට ලංකාව තුළ තහවුරු වීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දීම අතින් චන්ද්‍රිකා පාලනය කැපී පෙනුනි.
2004 අප්‍රේල් 02 වනදා බලයට පත්වුනු සන්ධාන ආන්ඩුවේ කොටස්කරුවෙකු වූ ජ.වි.පේ සම්බන්ධ වන්නේ ලංකාවේ ජාතික ප්‍රශ්ණය රට බෙදීමේ ඉමටම එක්සත් ජාතික පක්ෂ පාලනය විසින් පත්කොට තිබුණු තත්වයක් තුළය. සමස්ථයක් වශයෙන් සන්ධාන ආන්ඩුව 2005 ජූනි 15 ජනතා විමුක්ති පෙරමුණ ඉවත් වීමත් සමඟ ගුණාත්මකව වෙනස් වනවිට ගතකර තිබුණු මාස 14ක කාලය තුළ එල්.ටී.ටීයට ප්‍රමාණාත්මක හෝ ගුණාත්මක වශයෙන් ප්‍රබල ජයග්‍රහණ කිසිදු ක්ෂේත්‍රයක අත්පත් කර ගැනීමට නොහැකි විය.
එහෙත් 2004 දෙසැම්බර් 26 සිදුවූ සුනාමී ඛේදවාචකය පදනම් කරගෙන හිටපු ජනාධිපතිනිය ප්‍රමුඛ පොදු පෙරමුණු ආණ්ඩුවේ ප්‍රබලයන්, එන්.ජී.ඕ බලවේග එල්.ටී.ටී. සංවිධානයට සුනාමි ප්‍රතිසංස්කරණ මුවාවෙන් ප්‍රශ්චාත් සුනාමි ප්‍රතිසංස්කරණ මණ්ඩලයක් පිහිටුවීමත්, එමගින් එල්.ටී.ටී සංවිධානයට
* රාජ්‍ය මූල්‍ය පරිපාලන බලතල ලබාදීමත්.
* දිස්ත්‍රික්ක 08ක රාජ්‍ය පරිපාලන බලතල ලබා දීමත්,
* විදේශීය ණය හා ආධාර එල්.ටී.ටීයට ගැනීමට බලය දීමත්,
යෝජනා කර සිටි අතර "ප්‍රශ්චාත් සුනාමි ප්‍රතිසංස්කරණ මණ්ඩලය" පිළිබඳව පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමට කෙටුම්පත් කර තිබුණි. ඊට විරෝධය පා 2005 ජූනි 15වෙනි දින ජනතා විමුක්ති පෙරමුණ ආන්ඩුවෙන් ඉවත් වී ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පැවරූ අතර ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ප්‍රශ්චාත් සුනාමි ප්‍රතිසංස්කරණ මණ්ඩලයේ ප්‍රධාන අඩංගුව සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථා විරෝධී බව ප්‍රකාශ කලෙන් එල්.ටී.ටීයට ඉහත මුල්‍ය හා පරිපාලන බලතල ලබා ගැනීමට තිබූ අවස්ථාව අහිමි විය.....

Comments
Post a Comment