Posts

සමාජවාදය තුළ මානව හිමිකම්...

Image
සමාජවාදය තුළ මානව හිමිකම්... පළමු  කොටස- සමාජවාදය  යනු මානව හිමිකම් වලට විරුද්ධ අර්ථය දෙන පදයක් ලෙස ජනතාව  අතර  තහවුරු කිරීමට  ධනපති පංතිය උත්සාහ  දරයි. අධිරාජ්‍යවාදීන් විසින් මානව  හිමිකම් උල්ලංඝනය කරන්නේ  යැයි චෝදනා  නොකරන  ලද  සමාජවාදී රාජ්‍යයක්  නොමැති තරම්ය. ආසන්නම  අත්දැකීම  වන්නේ  එක්සත් ජනපද  ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෑතකදී  කියුබාවට  එරෙහිව  කරන  ලද  ප්‍රකාශයයි. කියුබාව මානව  හිමිකම්  කඩ කරන බැවින් එරටට එරෙහිව  පනවා ඇති  සම්බාධක  දිගටම පවත්වා ගෙන යන්නේ යැයි එහිදී ඔහු  ප්‍රකාශ  කර  තිබුණි. මානව  හිමිකම්  යනු මොනවාද...? ජාත්‍යන්තර  වර්ගීකරණයට  අනුව මානව  හිමිකම්  ප්‍රධාන  කාණ්ඩ  03කට  වර්ග  කර  ඇත.  පළමු පරම්පරාවේ  මානව  හිමිකම්,  දෙවන  පරම්පරාවේ  මානව  හිමිකම්, සහ  තෙවන  පරම්පරාවේ  මනව  හිමිකම් ලෙසය. පළමු පරම්පරාවේ  මානව  හිමිකම්  කාණ්ඩයට  මූලික  වශයෙන්  අයත් වන්නේ දේශපාලන  හා  සිවිල්  අයිතිවාසිකම්ය.  එනම්  කතා  කිරීමේ,  රැස්වීමේ,  කැමති  ආගමක්  ඇදහීමේ  නිදහස  ආදියයි. මේවා  මූලික  වශයෙන් පැන  නගින්නේ  ධනවාදයේ  උපතත්  සමගයි. මෙම  මානව  හිමිකම්  පදනම් වී  ඇත්තේ  ජෝන්  ලෝක

ජාතික ගැටළුව විමසමු... දොළොස්වැනි කොටස...

Image
ජාතික  ගැටළුව  විමසමු... දොළොස්වැනි  කොටස... 1983දී  කළු ජූලියේ  අභාවාචක  අත්දැකීම  පදනම්  කරගෙන  දෙමළ  බෙදුම්වාදි  ව්‍යාපාරයට  ජාතික  සීමාවන්  ඉක්මවාගිය  ජාත්‍යන්තර  වටපිටාවක්  නිර්මාණය  කරගැනීමට  හැකිවිය. විශේෂයෙන් බොහෝ  රාජ්‍ය නායකයින් හා තානාපති  සබඳතා මාර්ගයෙන්  යුරෝපිය හා ස්කැන්ඩිනේවියානු රාජ්‍යයන් තුළ දෙමළ බෙදුම්වාදි ව්‍යාපාරයට හොඳින් ස්ථානගත වීමට  ඉඩ සැළසුනි. 1980 දශකයේ  ආරම්භයත්  සමගම  දෙමළ බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරය  යම් ගුනාත්මක වෙනසක් අත්පත් කරගත් අතර ක්‍රමානුකූලව ජාත්‍යන්තර වශයෙන්ද  පුළුල් සහයක් ලබා ගන්නා  ලදී. ලෝක  අධිරාජ්‍යවාදී  බලවේගයන්ගේ   බෙදුම්වාදී  වැඩපිළිවෙළ තුළ කොටුවී  සිටි ලාංකීය  ධනපති පක්ෂ කණ්ඩායම්  විසින් පවත්වාගෙන  ගිය  අදූරදර්ශී  යුද්ධ හා  සාම  වැඩපිළිවෙළවල් හමුවේ දෙමළ බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරය,  සැළකිය  යුතු පිමි ගනනාවක් ඉදිරියට  පැමිණියේය. 2001  දෙසැම්බර් මැතිවරණයෙන්  පසුව  ගොඩනැගුනු එක්සත් ජාතික පෙරමුණු පාලනය  හා  එල්.ටී.ටීය අතර  ඇතිකරගත්  සාම  ගිවිසුම හේතුකොට ගෙන,  එතෙක් ලංකාවේ  ජාතික  ගැටළුවෙහි විකාශනය  තුල අප  හඳුනාගන්නා  සුවිශේෂී  ගුණාත්මක  ව

ෆැසිස්ට්වාදය.....?

Image
ෆැසිස්ට්වාදය.....? “ෆැසිස්ට්වාදය” යන වදනත් සමග සිහි ගැන්වෙන්නේ දෙවන ලෝක යුද්ධයයි. ඉතාලියේ මතු වූ ෆැසිස්ට්වාදයත් පර්මනියේ නට්සිවාදයත් ඒ තරම්ම සමීපතාවයකින් දෙවන ලෝක යුද්ධය සමග බැඳී පවතී. වඩාත් සමීපව විමසන විට පෙනී යන්නේ පළමු ලෝක යුද්ධය අවසානයෙන් පසුව යුරෝපයේ සමහර රටවල ෆැසිස්ට්වාදී ව්‍යාපාර බිහි වූ බවයි. මෙය ඉතාලියේ දී ෆැසිස්ට් නමින් ද ජර්මනියේ දී නට්සි නමින් ද ස්පාඤ්ඤයේ දී ෆාලාන්ජ් නමින් ද රුමේනියාවේ දී අයෝමය බල ඇණිය යන තේරුම සහිත Garda de fier නමින් ද හැඳින්විනි. දේශපාලන අරුතකින් විමසන විට මේවා පැන නැගීමේදී සහ භාවිතයේ දී දැක්වූ සමානකම් හේතුකොට ගෙන පොදුවේ ෆැසිස්ට් ප්‍රවනතා ලෙසින් සාකච්ඡා විය. 1919 දී ඉතාලියේ දී ‘ප්‍රභවය’ නැමැති අරුත සහිතව ෆැසිස්ට් නමින් පක්ෂයක් බෙනිටෝ මුසලෝනිගේ නායකත්වයෙන් ගොඩ නගන ලදී.   මුසලෝනිගේ පක්ෂය බිහිවීම ෆැසිස්ට් ප්‍රවණතාවයේ ආරම්භයක් ලෙසින් නම් කළ හැකිය. මුසලෝනිගේ පක්ෂයේ ලාංඡනය වූයේ පැරණි රෝම විනිශ්චයකරුවෙකු ඉදිරියෙන් ගෙන යන රතු ලණුවකින් ගැට ගසන ලද පොරොවක් සහිත කෝටු මිටියකි. ‘කීකරුවෙනු’ යන අදහස මෙයින් ගම්‍ය වූ බව කියැවිනි. කෙසේ වෙතත් ධනේෂ්වර දෘෂ්ඨියට අන
Image
ජාතික  ගැටළුව  විමසමු.... එකොළොස්වන  කොටස... දෙමළ ජාතිවාදය  ඊළමක් දක්වා  වර්ධනය  වීම....                                       ලංකාවේ ජාතිකත්වයන්  අතර  ප්‍රතිවිරෝධයට  දීර්ඝ  හා  ගැඹුරු  ඓතිහාසික කරුණු ඇත.  බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ  පාලනය  තුල  "බෙදා වෙන්කොට  පාලනය"   හේතුකොටගෙන මෙය  තව දුරටත්  වර්ධනය  විය.  නව  යටත්විජිත  වකවානුව  තුළ  රට  පාලනය  කල  ධනපති කන්ඩායම්  දෙක  තරඟයට  ජනතාව  මුළාකොට  බලයට  ඒම  සඳහා  ජාතිවාදය  ඇවිස්සීමත්,  ආර්ථික  අර්බුධයට  ජාතිකත්වය  ආරෝපනය  කිරීමත්,  බලයට  ඒම  සඳහාම  විවිධ  අවස්ථාවලදී  සිංහල  හා  දෙමළ  බහු ජනතාව මුලාකොට  සිංහල ධනපති  පංතිය  හා  දෙමළ  ධනපති  පංතිය  අතර  රහස්  ගිවිසුම්  හා  සම්මුතීන්  ඇති කර ගැනීමත්  (  බණ්ඩාරණායක- චෙල්වනායගම්,  ඩඩ්ලි- චෙල්වනායගම්,  ජයවර්ධන- අමිර්තලිංගම්,  ජයවර්ධන-  තොන්ඩමන්  ) එයට  හිළව්වට දෙමළ  ජාතිවාදී  ධනපති  පංතියට  බාධවකින්  තොරව,  නිදහසේ,   උතුරේ  හා  වතුකරයේ දෙමළ   ජාතිවාදය  වැපිරීමට  ඉඩ  සලසාදීමත්,  ඒ  හරහා  දෙමළ  ජනතාව  දෙමළ  ජාතිවාදීන්ගේ  ගොදුරු  බවට  පත් කිරීමත්,  එක් භාෂාවකට  හා   එක්  ආගමකට 

ලක්දිවේ ආදි ජනයා....පළමු කොටස....

Image
ලක්දිවේ ආදි ජනයා... . පළමු කොටස.... ඉතා පුරාණ කාලයකදී ඉන්දීය සාගරයේ යාත්‍රා කළ දුරු රටවල නාවිකයින් සහ වෙළෙඳුන් විසින් සීලේදීඛා, සෛලාන්, පලෙසිමුන්දු, සෙරන්ඩිබ්, තැප්‍රොබේන්, ආදී විවිධ නම් වලින් හැඳින්වූ දිවයිනක් තිබිණි. ඒ දිවයිනේ තිබූ රතුමැණික්, කුළුබඩු සහ ඇතුන් ලබා ගැනීමට පිටරට වෙළෙඳුන් අතර මහත් තරඟයක් පැවැතිණි. එහෙයින් ඒ දිවයිනේ ප්‍රධාන නගරවල නිරන්තරයෙන් විදේශික වෙළෙඳුන් ගැවසෙනි දැකිය හැකිය. ඒ අන් දිවයිනක් නොව ශ්‍ රී ලංකාවයි.... ශ්‍රී ලංකාව ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ඒ දිගු පරිච්ඡේදයෙන් අවම තරමින් අවුරුදු 1700ක පමණ මෑත කාලය තුළ දකුණු ආසියාවේ කැපී පෙනෙන ශිෂ්ඨාචාරයක් පවත්වා ගෙන ඒමට ශ්‍රි ලංකාව සමත් විය. පැරණි ශිෂ්ඨාචාර වර්ග කිරීමේ අනුපිළිවෙල අනුව මෙරට පැවැති ශිෂ්ඨාචාරය අයත් වන්නේ නූතන ලෝක ශිෂ්ඨාචාර ගණයටය.  ප්‍රාග් ඓතිහාසික උරුමය... ශ්‍රී ලංකාව ජනාවාස වූයේ මීට අවුරුදු එක්ලක්ෂ විසිපන් දහසකට පම්ණ ඉහත කාලවකවානුවකදීය. ඉන්දීය සාගරය හරහා පැමිණි ආද්‍ය හෝමෝසේපියන්වරුන් එලෙස මෙරට ජනාවාස කළහ. ඒ කාලයේ ඔවුන් විසින් නිපදවන ලද ගල්මෙවලම් හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් මිනිහාගල්කන්ද, බූ

ජාතික ගැටළුව විමසමු... දහවැනි කොටස... තෙවන නිමාව... ශ්‍රී.ල.නි.ප ප්‍රමුඛ පාලන සමයන් තුළ ජාතික ගැටළුව....

Image
ජාතික  ගැටළුව  විමසමු... දහවැනි  කොටස...  තෙවන   නිමාව... ශ්‍රී.ල.නි.ප  ප්‍රමුඛ  පාලන  සමයන් තුළ ජාතික  ගැටළුව.... මහින්ද  රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් බලයට  පත්  වෙද්දී  ජවිපෙ සහාය  දුන්  අතර එම එකඟතා  කොන්දේසි වල  බෙදුම්වාදයට  එරෙහිව  කරණු  ගණනාවක්   ඇතුළත් විය.  චන්ද්‍රිකා  මෙන්ම  මහින්ද  රාජපක්ෂද, ඒවාට  එකඟ  වූයේ  බෙදුම්වාදය  සැබෑ ලෙසම  පැරදවීමට  නොව,  හුදු  බලය  ලබා  ගැනීමේ  අරමුණිනි.  ඒ නිසාම  සටන් විරාම  ගිවිසුම  පවත්වාගෙන  යාමටත්,  නෝර්වේ  වැනි  අධිරාජ්‍යවාදී  රටවල  මැදිහත්වීම් වලට  ඉඩකඩ  සැලසීමත්, ඉන්දීය   හා  බටහිර  බලපෑම්වලට  අනුව  බලය  බෙදීම  පිළිබඳව  සර්ව  පාක්ෂික  කමිටු  පවත්වාගෙන  යාමත්,  බලය  බෙදීම  ප්‍රශ්නයට ඇති  එකම  විසඳුම  යැයි  පිළිගෙන  කටයුතු  කිරීමත්  දැකිය  හැකි විය. එහෙත් ඒ අතරම ජවිපෙද, ඇතුළුව බෙදුම්වාදී  විරෝධී  බලවේගයන්ගේ  බලපෑමත් නිසා  යම්  පමණක  එල්.ටී.ටී  විරෝධයක්  පෙන්නුම්  කිරීමට  ආණ්ඩුවට  සිදුවී  තිබුණි.  මෙසේ  ජාතික  ප්‍රශ්නයේ ගැටළුකාරී  බව  තව තවත්  උග්‍ර කරමින්  පැවති  අතර  ඉඳහිට  යුධ ජයග්‍රහණ  රටේ  පොදු  අර්බුධ  වසා  ගැනීමට  යොදා  ගන්නා ලදී.  රා

ජාතික ගැටළුව විමසමු.... නව වැනි කොටස.... දෙවන නිමාව.... ශ්‍රී.ල.නි.ප ප්‍රමුඛ පාලන සමයන් තුළ ජාතික ගැටළුව...

Image
ජාතික  ගැටළුව  විමසමු.... නව වැනි කොටස.... දෙවන  නිමාව.... ශ්‍රී.ල.නි.ප  ප්‍රමුඛ පාලන  සමයන් තුළ  ජාතික  ගැටළුව... 1994  අගෝස්තු  මාසයේ සිට  2001 දෙසැම්බර්  දක්වා  ලංකාවේ  පාලන  සුක්කානම  අතැතිව  සිටි  චන්ද්‍රිකා  බණ්ඩාරනායකගේ  පොදු පෙරමුණු පාලන  සමය  තුළ  තත්වය  බරපතල  අතට  පත්විය.  ව්‍යවස්ථා  සංශෝධනයක්  හරහා  (  ෆෙඩරල්  ව්‍යවස්ථාවක්  මඟින්  ) බෙදුම්වාදය  නීතිගත  කිරීමේ  උත්සාහයක  නියැළුනු  පොදු පෙරමුණු  පාලන  සමය, අසාර්ථක  "සාම  සාකච්ඡා"  හා  අසාර්ථක  යුධ  ප්‍රයත්නයන්   හරහා  ජාතික  ගැටළුව  වර්ථමාන  තත්වයට  සංකීර්ණ  කිරීමට   සැළකිය  යුතු   මෙහෙයක්  ඉටු කරන  ලදී.  නෝර්වේ  මැදිහත්වීම්  හරහා  බෙදුම්වාදයේ  ජාත්‍යන්තර   ප්‍රතිගාමීත්වයට   ලංකාව  තුළ  තහවුරු  වීම  සඳහා  ඉඩ ප්‍රස්ථාව  ලබා දීම  අතින්  චන්ද්‍රිකා  පාලනය  කැපී  පෙනුනි.                                          2004 අප්‍රේල්  02 වනදා  බලයට  පත්වුනු සන්ධාන  ආන්ඩුවේ  කොටස්කරුවෙකු වූ  ජ.වි.පේ  සම්බන්ධ වන්නේ ලංකාවේ  ජාතික  ප්‍රශ්ණය  රට බෙදීමේ  ඉමටම  එක්සත් ජාතික  පක්ෂ  පාලනය   විසින්  පත්කොට  තිබුණු  තත්වයක් තුළ