ලක්දිවේ ආදි ජනයා....පළමු කොටස....
ලක්දිවේ ආදි ජනයා....
පළමු කොටස....
ඉතා පුරාණ කාලයකදී ඉන්දීය සාගරයේ යාත්‍රා කළ දුරු රටවල නාවිකයින් සහ වෙළෙඳුන් විසින් සීලේදීඛා, සෛලාන්, පලෙසිමුන්දු, සෙරන්ඩිබ්, තැප්‍රොබේන්, ආදී විවිධ නම් වලින් හැඳින්වූ දිවයිනක් තිබිණි. ඒ දිවයිනේ තිබූ රතුමැණික්, කුළුබඩු සහ ඇතුන් ලබා ගැනීමට පිටරට වෙළෙඳුන් අතර මහත් තරඟයක් පැවැතිණි. එහෙයින් ඒ දිවයිනේ ප්‍රධාන නගරවල නිරන්තරයෙන් විදේශික වෙළෙඳුන් ගැවසෙනි දැකිය හැකිය. ඒ අන් දිවයිනක් නොව ශ්‍රී ලංකාවයි....
ශ්‍රී ලංකාව ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ඒ දිගු පරිච්ඡේදයෙන් අවම තරමින් අවුරුදු 1700ක පමණ මෑත කාලය තුළ දකුණු ආසියාවේ කැපී පෙනෙන ශිෂ්ඨාචාරයක් පවත්වා ගෙන ඒමට ශ්‍රි ලංකාව සමත් විය. පැරණි ශිෂ්ඨාචාර වර්ග කිරීමේ අනුපිළිවෙල අනුව මෙරට පැවැති ශිෂ්ඨාචාරය අයත් වන්නේ නූතන ලෝක ශිෂ්ඨාචාර ගණයටය.

ප්‍රාග් ඓතිහාසික උරුමය...
ශ්‍රී ලංකාව ජනාවාස වූයේ මීට අවුරුදු එක්ලක්ෂ විසිපන් දහසකට පම්ණ ඉහත කාලවකවානුවකදීය. ඉන්දීය සාගරය හරහා පැමිණි ආද්‍ය හෝමෝසේපියන්වරුන් එලෙස මෙරට ජනාවාස කළහ. ඒ කාලයේ ඔවුන් විසින් නිපදවන ලද ගල්මෙවලම් හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් මිනිහාගල්කන්ද, බූන්දල, පතිරාජවෙල සහ වැල්ලේගංගොඩ ආදී තැන් වලින් සොයාගෙන තිබේ. පළමුව මුහුදුබඩ තීරයට ළඟාවූ පිරිස් පසුකාලයක රට ඇතුලට පැතිර යමින් එකිනෙකට වෙනස් පරිසර පද්ධතිවලට අනුවර්තනය විය. පසුගිය අවුරුදු ලක්ෂයක පමණ කාලය තුළ මෙරට ජනාවාස වර්ධනය වීමට එම පිරිස් විසින් දැක්වූ දායකත්වයේ ස්වරූපය තේරුම් ගැනීමට ප්‍රමාණවත් සක්ෂි දිවයිනේ තැන් කිහිපයක් කැණීමෙන් සොයාගෙන තිබේ.

තොරතුරු ලබා ගත්තේ.....
*මහාචාර්ය රාජ් සෝමදේවන්ගේ පොත්පත් සහ අන්තර්ජාලය ඇසුරෙනි....

Comments
Post a Comment