Posts

Showing posts from August, 2018

ජාතික ගැටළුව විමසමු...

Image
ජාතික  ගැටළුව විමසමු... පළමු  කොටස... පිවිසුම... දශක  03ක් තිස්සේ  පැවැති  බෙදුම්වාදී  යුද්ධයේ  අවසානයත්  සමගම  ජාතික  ප්‍රශ්නය  සම්බන්ඳව කතිකාව  අලුත් වී  තිබේ.  ඒ  අතර  පෙර  මෙන්ම්  ධනේෂ්වර, සුළු  ධනේෂ්වර  හා  වාමාංශික  යැයි  කියාගන්නා  දේශපාලන  පක්ෂ  විසිනුත්  රාජ්‍ය නොවන  සංවිධාන හා සමහර  සිවිල්  බුද්ධිමතුන්  විසිනුත්  ඉදිරිපත් කරනු ලබන  නිර්මාක්ස්වාදී හා  අවිද්‍යාත්මක  මතවාදයන්  හේතුකොට ගෙන   ලංකාවේ  ජාතික   ගැටලුව  පිළිබඳව   බරපතල  මතවාදී   ව්‍යාකූලත්වයක්  නිර්මාණයවී  ඇත. ජාතික  ගැටලුව  පිලිබදව  හැදෑරීම... මේ සදහා අප විසින්  විද්‍යාත්මක  විධික්‍රමයක් භාවිතා  කළ යුතුය. ඕනෑම  ගැටලුවක්   වටහා  ගැනීමේ   විද්‍යාත්මක   විධික්‍රමයක්  ලෙස  එම  ගැටළුව- 01... ඓතිහාසිකවත්. 02... විෂය  මූලිකවත්. 03... සංයුක්තවත්  විමසා  බැලිය  යුතුය. ඕනෑම  ගැටළුවක්  පැන නැගීමේ  ඓතිහාසික  තත්වයන්  හා  එයට  හේතු පාදක  වූ  සමස්ථ  කරුණු  පද්ධතියම  සොයා බැලිය  යුතුය.  එලෙසම  කිසියම්  ගැටළුවක්  හුදෙකලා  කොට  වෙන්වෙන්ව  අධ්‍යයනය  කළ  නොහැක.  මෙය  වැරදි  ක්‍රමයකි.  කිසියම්  සිදුවීමක්  හුදෙකලාව   නොප

ලෝකේ මොන රටේද පොලීසිය හැංගිලා ඉන්නේ....

ප්‍රංශයේ අළුගෝසුවා ....

Image
ප්‍රංශයේ අළුගෝසුවා .... චාල්ස්‌ හෙන්රි සැන්සන් (Charles Henri Sanson) නමැති අය ප්‍රංශයේ දී උපත ලබා ඇත්තේ 1739 දීය. ඒ වන විට සැන්සන්ගේ පියා, සීයා, මුත්තා, මීමුත්තා යන උදවිය ප්‍රංශ රජයේ අළුගෝසු (Executioner) තනතුර පරම්පරාගතව දරමින් සිsටි බවට තොරතුරු අනාවරණය වෙයි. 1778 වන තෙක්‌ ප්‍රංශ රජය විසින් වරදකරුවන් ලෙස පිළිගත් උදවිය මරාදමන ලද්දේ කඩුවෙන් ගෙල සිඳ දැමීමෙනි. ප්‍රංශ මහා විප්ලවය ඇතිවීමත් සමග කඩුවෙන්  හිස වෙන් කිරීමේ කාර්යය වෙනුවට නවීන යන්ත්‍රයක්‌ නිපදවනු ලැබීය. එය ගිලටීනය (guillotine) ලෙස හැඳින්වෙයි. මෙම මරණ යන්ත්‍රය ප්‍රථමයෙන්ම ක්‍රියාත්මක කිරීමේ අවස්‌ථාව එළැඹියේ චාල්ස්‌ හෙන්රි සැන්සන්ටය. මොහු උපත ලබා වයස අවුරුදු 15 සම්පූර්ණ වීමෙන් පසු එනම් 1754 සිට තම පියාගේ අළුගෝසු රැකියාවේ සහායකයා වශයෙන් කටයුතු කළේය. 1774 වන විට ප්‍රංශයේ රජවූයේ දහසය වැනි ලුවීය. ඒ වන විට ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ ජයගොස ප්‍රංශයේද රැව් පිළිරැව් දුනි. ප්‍රංශ රජුගේ (XVI වැනි ලුවී) හා රාජ්‍යයේ තත්ත්වය අන්තයටම පිරිහෙමින් තිබුණ අතර රජු රට ගොඩනැංවීමට නිසි පිළියම් යෙදීමටද කටයුතු නොකළේය. දුප්පතුන් හාමතේ කෑම ඉල්ලන විට "

ධනපති පන්තිය ඇටවූ උගුල් බිඳලමු....

Image
ධනපති පන්තිය ඇටවූ උගුල් බිඳලමු.... දේශීය ධනපති පන්තිය මෙන්ම ජාත්‍යන්තර ධනේෂ්වරයද නිර්ධන පන්තියේ සමගියට එරෙහිව උගුල් අටවති. ඉන් ප්‍රධානම උගුල් වන්නේ ජාතිය, ආගම, කුළය වැනි ආයුධයි. අපි උපදිනවිටම අපිට සිංහල, දමිල, මුස්ලිම් යන ලේබලය අපේ මවුපියන් විසින් අලවති. ඉන්පසු බෞද්ධ, හින්දු, ඉස්ලාම් ක්‍රිස්තියානී ආගම් ලේබල් අලවති. ගොවිගම, කරාවේ මෙකී නොකී අනිකුත් කුළ ලේබල්ද අලවාගනී. එය ධනපති   පන්තිය එදා සිට අද දක්වාම අපව බෙදීමට මෙන්ම ඔවුන්ගේ පැවැත්මට භාවිතා කරන්නේ අපව නිල්, කොල, රතු වැනි දේශපාලන බෙදීම්වලටද ලක්කරය. නිර්ධන පන්තිය බෙදී වෙන්වී සිටින තාක් කල් ධනේශ්වරය පවතී. කනගාටුවට කරුන නම් අප විසින් අපවද බෙදාගෙන අපටම පරිභව කරගන්නේ බයියන් ටොයියන් ජෙප්පන් ලෙසිනි. මේ ත්‍රිත්වයම එම ක්‍රියාව හරිහරියටම කරති. කනගාටුවට කරුන නම් අප බොහෝ ගරුකරන ජවිපෙ සාමාජිකයින්ද (ඇතැම් අය පසුගිය මැතිවරණයට ඉදිරිපත් වූවෝද වෙති ) අද මුහුනුපොතේ හැසිරෙන්නේ අඳබාල විදියටය. එබැවින් සියලු දෙනාම එකට එකතුවී ධනපති පන්තිය ඇටවූ උගුල පරාජය කිරීමට කැපවෙමු.....