ධනපති පන්තිය ඇටවූ උගුල් බිඳලමු....


ධනපති පන්තිය ඇටවූ උගුල් බිඳලමු....

දේශීය ධනපති පන්තිය මෙන්ම ජාත්‍යන්තර ධනේෂ්වරයද නිර්ධන පන්තියේ සමගියට එරෙහිව උගුල් අටවති. ඉන් ප්‍රධානම උගුල් වන්නේ ජාතිය, ආගම, කුළය වැනි ආයුධයි. අපි උපදිනවිටම අපිට සිංහල, දමිල, මුස්ලිම් යන ලේබලය අපේ මවුපියන් විසින් අලවති. ඉන්පසු බෞද්ධ, හින්දු, ඉස්ලාම් ක්‍රිස්තියානී ආගම් ලේබල් අලවති. ගොවිගම, කරාවේ මෙකී නොකී අනිකුත් කුළ ලේබල්ද අලවාගනී. එය ධනපති පන්තිය එදා සිට අද දක්වාම අපව බෙදීමට මෙන්ම ඔවුන්ගේ පැවැත්මට භාවිතා කරන්නේ අපව නිල්, කොල, රතු වැනි දේශපාලන බෙදීම්වලටද ලක්කරය. නිර්ධන පන්තිය බෙදී වෙන්වී සිටින තාක් කල් ධනේශ්වරය පවතී. කනගාටුවට කරුන නම් අප විසින් අපවද බෙදාගෙන අපටම පරිභව කරගන්නේ බයියන් ටොයියන් ජෙප්පන් ලෙසිනි. මේ ත්‍රිත්වයම එම ක්‍රියාව හරිහරියටම කරති. කනගාටුවට කරුන නම් අප බොහෝ ගරුකරන ජවිපෙ සාමාජිකයින්ද (ඇතැම් අය පසුගිය මැතිවරණයට ඉදිරිපත් වූවෝද වෙති ) අද මුහුනුපොතේ හැසිරෙන්නේ අඳබාල විදියටය. එබැවින් සියලු දෙනාම එකට එකතුවී ධනපති පන්තිය ඇටවූ උගුල පරාජය කිරීමට කැපවෙමු.....

Comments

Popular posts from this blog

සමාජවාදය තුළ මානව හිමිකම්...

ෆැසිස්ට්වාදය.....?