Posts

Showing posts from November, 2018
Image
ජාතික  ගැටළුව  විමසමු.... එකොළොස්වන  කොටස... දෙමළ ජාතිවාදය  ඊළමක් දක්වා  වර්ධනය  වීම....                                       ලංකාවේ ජාතිකත්වයන්  අතර  ප්‍රතිවිරෝධයට  දීර්ඝ  හා  ගැඹුරු  ඓතිහාසික කරුණු ඇත.  බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ  පාලනය  තුල  "බෙදා වෙන්කොට  පාලනය"   හේතුකොටගෙන මෙය  තව දුරටත්  වර්ධනය  විය.  නව  යටත්විජිත  වකවානුව  තුළ  රට  පාලනය  කල  ධනපති කන්ඩායම්  දෙක  තරඟයට  ජනතාව  මුළාකොට  බලයට  ඒම  සඳහා  ජාතිවාදය  ඇවිස්සීමත්,  ආර්ථික  අර්බුධයට  ජාතිකත්වය  ආරෝපනය  කිරීමත්,  බලයට  ඒම  සඳහාම  විවිධ  අවස්ථාවලදී  සිංහල  හා  දෙමළ  බහු ජනතාව මුලාකොට  සිංහල ධනපති  පංතිය  හා  දෙමළ  ධනපති  පංතිය  අතර  රහස්  ගිවිසුම්  හා  සම්මුතීන්  ඇති කර ගැනීමත්  (  බණ්ඩාරණායක- චෙල්වනායගම්,  ඩඩ්ලි- චෙල්වනායගම්,  ජයවර්ධන- අමිර්තලිංගම්,  ජයවර්ධන-  තොන්ඩමන්  ) එයට  හිළව්වට දෙමළ  ජාතිවාදී  ධනපති  පංතියට  බාධවකින්  තොරව,  නිදහසේ,   උතුරේ  හා  වතුකරයේ දෙමළ   ජාතිවාදය  වැපිරීමට  ඉඩ  සලසාදීමත්,  ඒ  හරහා  දෙමළ  ජනතාව  දෙමළ  ජාතිවාදීන්ගේ  ගොදුරු  බවට  පත් කිරීමත්,  එක් භාෂාවකට  හා   එක්  ආගමකට 

ලක්දිවේ ආදි ජනයා....පළමු කොටස....

Image
ලක්දිවේ ආදි ජනයා... . පළමු කොටස.... ඉතා පුරාණ කාලයකදී ඉන්දීය සාගරයේ යාත්‍රා කළ දුරු රටවල නාවිකයින් සහ වෙළෙඳුන් විසින් සීලේදීඛා, සෛලාන්, පලෙසිමුන්දු, සෙරන්ඩිබ්, තැප්‍රොබේන්, ආදී විවිධ නම් වලින් හැඳින්වූ දිවයිනක් තිබිණි. ඒ දිවයිනේ තිබූ රතුමැණික්, කුළුබඩු සහ ඇතුන් ලබා ගැනීමට පිටරට වෙළෙඳුන් අතර මහත් තරඟයක් පැවැතිණි. එහෙයින් ඒ දිවයිනේ ප්‍රධාන නගරවල නිරන්තරයෙන් විදේශික වෙළෙඳුන් ගැවසෙනි දැකිය හැකිය. ඒ අන් දිවයිනක් නොව ශ්‍ රී ලංකාවයි.... ශ්‍රී ලංකාව ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ඒ දිගු පරිච්ඡේදයෙන් අවම තරමින් අවුරුදු 1700ක පමණ මෑත කාලය තුළ දකුණු ආසියාවේ කැපී පෙනෙන ශිෂ්ඨාචාරයක් පවත්වා ගෙන ඒමට ශ්‍රි ලංකාව සමත් විය. පැරණි ශිෂ්ඨාචාර වර්ග කිරීමේ අනුපිළිවෙල අනුව මෙරට පැවැති ශිෂ්ඨාචාරය අයත් වන්නේ නූතන ලෝක ශිෂ්ඨාචාර ගණයටය.  ප්‍රාග් ඓතිහාසික උරුමය... ශ්‍රී ලංකාව ජනාවාස වූයේ මීට අවුරුදු එක්ලක්ෂ විසිපන් දහසකට පම්ණ ඉහත කාලවකවානුවකදීය. ඉන්දීය සාගරය හරහා පැමිණි ආද්‍ය හෝමෝසේපියන්වරුන් එලෙස මෙරට ජනාවාස කළහ. ඒ කාලයේ ඔවුන් විසින් නිපදවන ලද ගල්මෙවලම් හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් මිනිහාගල්කන්ද, බූ