ජාතික ගැටළුව විමසමු....
එකොළොස්වන කොටස...
දෙමළ ජාතිවාදය ඊළමක් දක්වා වර්ධනය වීම....
ලංකාවේ ජාතිකත්වයන් අතර ප්‍රතිවිරෝධයට දීර්ඝ හා ගැඹුරු ඓතිහාසික කරුණු ඇත. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පාලනය තුල "බෙදා වෙන්කොට පාලනය" හේතුකොටගෙන මෙය තව දුරටත් වර්ධනය විය. නව යටත්විජිත වකවානුව තුළ රට පාලනය කල ධනපති කන්ඩායම් දෙක තරඟයට ජනතාව මුළාකොට බලයට ඒම සඳහා ජාතිවාදය ඇවිස්සීමත්, ආර්ථික අර්බුධයට ජාතිකත්වය ආරෝපනය කිරීමත්, බලයට ඒම සඳහාම විවිධ අවස්ථාවලදී සිංහල හා දෙමළ බහු ජනතාව මුලාකොට සිංහල ධනපති පංතිය හා දෙමළ ධනපති පංතිය අතර රහස් ගිවිසුම් හා සම්මුතීන් ඇති කර ගැනීමත් ( බණ්ඩාරණායක- චෙල්වනායගම්, ඩඩ්ලි- චෙල්වනායගම්, ජයවර්ධන- අමිර්තලිංගම්, ජයවර්ධන- තොන්ඩමන් ) එයට හිළව්වට දෙමළ ජාතිවාදී ධනපති පංතියට බාධවකින් තොරව, නිදහසේ, උතුරේ හා වතුකරයේ දෙමළ ජාතිවාදය වැපිරීමට ඉඩ සලසාදීමත්, ඒ හරහා දෙමළ ජනතාව දෙමළ ජාතිවාදීන්ගේ ගොදුරු බවට පත් කිරීමත්, එක් භාෂාවකට හා එක් ආගමකට විශේෂ වරප්‍රසාද දීමත් සමානාත්මතා පදනම අනුව ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා ප්‍රවේශයක් ලබා ගැනීමට අපොහොසත් වීමත් තුළ ජාතික ගැටළුව වත්මන් සංකීර්ණත්වයට එලැඹීමට අදාල විෂය මූලික හා මනෝ මූලික පෙළඹුම ඇතිවිය.
සෝල්බරි ක්‍රමය ඉදිරියේ 50/50 ඉල්ලූ ජී.ජී.පොන්නම්බලම්ගෙන් පසුව ඔහුගේ නායකත්වයෙන් යුතු සමස්ථ ලංකා දෙමළ සංගමයෙන් කැඩී 1949දී චෙල්වනායගම් ගොඩනැගූ දෙමළ රාජ්‍ය ( ෆෙඩරල් ) පක්ෂයට 1950 වකවානුව වනවිට දකුණු ඉන්දියාවේ දෙමළ කසාගම් ව්‍යාපාරයේ බලපෑම තදින් දැනී තිබුණි. ඉංග්‍රීසියෙන් ෆෙඩරල් පක්ෂය ලෙස හැඳින්වූ දෙමළ රාජ්‍ය පක්ෂයේ කථිකයින් උතුරේ හා නැගෙනහිර තම බලය තහවුරු කර ගැනීමට දකුණේ සිංහල ප්‍රදේශවල කේ.එම්.පී.රාජරත්න වැන්නන් ගෙනගිය සිංහල ජාතිවාදී ව්‍යාපාරයටත් වඩා දරුණු ජාතිවාදී ව්‍යාපාරයක් ගෙන ගියහ.ඔවුන් ජවිපෙ හැඳින්වූයේ (සිංහල ) ජාතික විමුක්ති පෙරමුණ වශයෙනි.
උතුරේ නැගෙනහිර හා කොලඹ ගොඩනැගුනු දෙමළ ජාතික පක්ෂ සියල්ලක්ම දෙමළ නාමය සහිත ඒවා වීම තුළම විශේෂත්වයක් පවතී. දෙමල රජයක් සඳහා ප්‍රචාරක කටයුතු සිදුවෙමින් පවතිද්දී 1972දී චෙල්වනායගම්ගේ ෆෙඩරල් පක්ෂයත් ජී.ජී.පොන්නම්බලම්ගේ මරණින් පසු සිවසිදම්බරම්ගේ නායකත්වයෙන් යුත් සමස්ථ ලංකා දෙමළ සංගමයත් තොණ්ඩමන්ගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු කොංග්‍රසයත් 1977න් පසු එජාප ඇමතිවරයෙකු වූ කේ.ඩබ්. දේවනායගම් ආදී දෙමළ ජාතිකත්වය පදනම්වූ පක්ෂ හා පුද්ගලයනුත් එක්කොට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ගොඩනගන ලදී. 1976 මැයි මස 14 සහ 15 දිනවල යාපනයේ වඩුක්කොඩෙයිහි දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ විසින් පැවැත්වූ සම්මේලනයේදී ප්‍රථම වරට වෙනම රාජ්‍යයක් ( ඊළාම් ) සඳහාවූ සටන් පාඨය පක්ෂ වැඩපිළිවෙලට ඇතුල් කර ගන්නා අතර ඉන් පසුව දෙමල එක්සත් පෙරමුණ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ නම් විය. වඩුක්කෝඩෙයිහි යෝජනාවන් අතර දෙමළ ජනතාව වෙනම ජාතියක් ලෙස පිළිගැනීම, දෙමළ නිජභූමි පිලිගැනීම, දෙමළ ජනතාවගේ ස්වයංතීරන අයිතිය පිළිගැනීම ඇතුලු කරණු ගණනාවක් අඩංගු වූ අතර මෙම අරමුණු ඉටුකර ගැනීමට දෙමළ ඊළාම් ස්වෛරී රාජ්‍යයක් සඳහා ක්‍රියාකාරී වන ලෙස ඉල්ලා සිටින ලදී. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ තරුණ අංශය වශයෙන් 1976දී විමුක්ති කොටි සංවිධානයේ ආරම්භය හඳුනා ගත හැක. 1977 මහ මැතිවරණයේදී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ උතුරු නැගෙනහිර ප්‍රදේශ වලින් ආසන 18ක් දිනාගෙන පාර්ලිමේන්තුවේ විපක්ෂය බවට පත් වෙද්දී ඔවුන් උතුරේ ජනතාව හමුවේ තැබු සටන් පාඨය වූයේ ඊළාම් රාජ්‍යයයි. ඡන්ද ව්‍යාපාරයට පදනම වූයේ වෙන්වීමට පක්ෂද, විපක්ෂද යන්නයි.......

Comments
Post a Comment