Posts

Showing posts from December, 2018

සමාජවාදය තුළ මානව හිමිකම්...

Image
සමාජවාදය තුළ මානව හිමිකම්... පළමු  කොටස- සමාජවාදය  යනු මානව හිමිකම් වලට විරුද්ධ අර්ථය දෙන පදයක් ලෙස ජනතාව  අතර  තහවුරු කිරීමට  ධනපති පංතිය උත්සාහ  දරයි. අධිරාජ්‍යවාදීන් විසින් මානව  හිමිකම් උල්ලංඝනය කරන්නේ  යැයි චෝදනා  නොකරන  ලද  සමාජවාදී රාජ්‍යයක්  නොමැති තරම්ය. ආසන්නම  අත්දැකීම  වන්නේ  එක්සත් ජනපද  ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෑතකදී  කියුබාවට  එරෙහිව  කරන  ලද  ප්‍රකාශයයි. කියුබාව මානව  හිමිකම්  කඩ කරන බැවින් එරටට එරෙහිව  පනවා ඇති  සම්බාධක  දිගටම පවත්වා ගෙන යන්නේ යැයි එහිදී ඔහු  ප්‍රකාශ  කර  තිබුණි. මානව  හිමිකම්  යනු මොනවාද...? ජාත්‍යන්තර  වර්ගීකරණයට  අනුව මානව  හිමිකම්  ප්‍රධාන  කාණ්ඩ  03කට  වර්ග  කර  ඇත.  පළමු පරම්පරාවේ  මානව  හිමිකම්,  දෙවන  පරම්පරාවේ  මානව  හිමිකම්, සහ  තෙවන  පරම්පරාවේ  මනව  හිමිකම් ලෙසය. පළමු පරම්පරාවේ  මානව  හිමිකම්  කාණ්ඩයට  මූලික  වශයෙන්  අයත් වන්නේ දේශපාලන  හා  සිවිල්  අයිතිවාසිකම්ය.  එනම්  කතා  කිරීමේ,  රැස්වීමේ,  කැමති  ආගමක්  ඇදහීමේ  නිදහස  ආදියයි. මේවා  මූලික  වශයෙන් පැන  නගින්නේ  ධනවාදයේ  උපතත්  සමගයි. මෙම  මානව  හිමිකම්  පදනම් වී  ඇත්තේ  ජෝන්  ලෝක

ජාතික ගැටළුව විමසමු... දොළොස්වැනි කොටස...

Image
ජාතික  ගැටළුව  විමසමු... දොළොස්වැනි  කොටස... 1983දී  කළු ජූලියේ  අභාවාචක  අත්දැකීම  පදනම්  කරගෙන  දෙමළ  බෙදුම්වාදි  ව්‍යාපාරයට  ජාතික  සීමාවන්  ඉක්මවාගිය  ජාත්‍යන්තර  වටපිටාවක්  නිර්මාණය  කරගැනීමට  හැකිවිය. විශේෂයෙන් බොහෝ  රාජ්‍ය නායකයින් හා තානාපති  සබඳතා මාර්ගයෙන්  යුරෝපිය හා ස්කැන්ඩිනේවියානු රාජ්‍යයන් තුළ දෙමළ බෙදුම්වාදි ව්‍යාපාරයට හොඳින් ස්ථානගත වීමට  ඉඩ සැළසුනි. 1980 දශකයේ  ආරම්භයත්  සමගම  දෙමළ බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරය  යම් ගුනාත්මක වෙනසක් අත්පත් කරගත් අතර ක්‍රමානුකූලව ජාත්‍යන්තර වශයෙන්ද  පුළුල් සහයක් ලබා ගන්නා  ලදී. ලෝක  අධිරාජ්‍යවාදී  බලවේගයන්ගේ   බෙදුම්වාදී  වැඩපිළිවෙළ තුළ කොටුවී  සිටි ලාංකීය  ධනපති පක්ෂ කණ්ඩායම්  විසින් පවත්වාගෙන  ගිය  අදූරදර්ශී  යුද්ධ හා  සාම  වැඩපිළිවෙළවල් හමුවේ දෙමළ බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරය,  සැළකිය  යුතු පිමි ගනනාවක් ඉදිරියට  පැමිණියේය. 2001  දෙසැම්බර් මැතිවරණයෙන්  පසුව  ගොඩනැගුනු එක්සත් ජාතික පෙරමුණු පාලනය  හා  එල්.ටී.ටීය අතර  ඇතිකරගත්  සාම  ගිවිසුම හේතුකොට ගෙන,  එතෙක් ලංකාවේ  ජාතික  ගැටළුවෙහි විකාශනය  තුල අප  හඳුනාගන්නා  සුවිශේෂී  ගුණාත්මක  ව

ෆැසිස්ට්වාදය.....?

Image
ෆැසිස්ට්වාදය.....? “ෆැසිස්ට්වාදය” යන වදනත් සමග සිහි ගැන්වෙන්නේ දෙවන ලෝක යුද්ධයයි. ඉතාලියේ මතු වූ ෆැසිස්ට්වාදයත් පර්මනියේ නට්සිවාදයත් ඒ තරම්ම සමීපතාවයකින් දෙවන ලෝක යුද්ධය සමග බැඳී පවතී. වඩාත් සමීපව විමසන විට පෙනී යන්නේ පළමු ලෝක යුද්ධය අවසානයෙන් පසුව යුරෝපයේ සමහර රටවල ෆැසිස්ට්වාදී ව්‍යාපාර බිහි වූ බවයි. මෙය ඉතාලියේ දී ෆැසිස්ට් නමින් ද ජර්මනියේ දී නට්සි නමින් ද ස්පාඤ්ඤයේ දී ෆාලාන්ජ් නමින් ද රුමේනියාවේ දී අයෝමය බල ඇණිය යන තේරුම සහිත Garda de fier නමින් ද හැඳින්විනි. දේශපාලන අරුතකින් විමසන විට මේවා පැන නැගීමේදී සහ භාවිතයේ දී දැක්වූ සමානකම් හේතුකොට ගෙන පොදුවේ ෆැසිස්ට් ප්‍රවනතා ලෙසින් සාකච්ඡා විය. 1919 දී ඉතාලියේ දී ‘ප්‍රභවය’ නැමැති අරුත සහිතව ෆැසිස්ට් නමින් පක්ෂයක් බෙනිටෝ මුසලෝනිගේ නායකත්වයෙන් ගොඩ නගන ලදී.   මුසලෝනිගේ පක්ෂය බිහිවීම ෆැසිස්ට් ප්‍රවණතාවයේ ආරම්භයක් ලෙසින් නම් කළ හැකිය. මුසලෝනිගේ පක්ෂයේ ලාංඡනය වූයේ පැරණි රෝම විනිශ්චයකරුවෙකු ඉදිරියෙන් ගෙන යන රතු ලණුවකින් ගැට ගසන ලද පොරොවක් සහිත කෝටු මිටියකි. ‘කීකරුවෙනු’ යන අදහස මෙයින් ගම්‍ය වූ බව කියැවිනි. කෙසේ වෙතත් ධනේෂ්වර දෘෂ්ඨියට අන