ජාතික ගැටළුව විමසමු... දොළොස්වැනි කොටස...
ජාතික ගැටළුව විමසමු...
දොළොස්වැනි කොටස...
1983දී කළු ජූලියේ අභාවාචක අත්දැකීම පදනම් කරගෙන දෙමළ බෙදුම්වාදි ව්‍යාපාරයට ජාතික සීමාවන් ඉක්මවාගිය ජාත්‍යන්තර වටපිටාවක් නිර්මාණය කරගැනීමට හැකිවිය. විශේෂයෙන් බොහෝ රාජ්‍ය නායකයින් හා තානාපති සබඳතා මාර්ගයෙන් යුරෝපිය හා ස්කැන්ඩිනේවියානු රාජ්‍යයන් තුළ දෙමළ බෙදුම්වාදි ව්‍යාපාරයට හොඳින් ස්ථානගත වීමට ඉඩ සැළසුනි. 1980 දශකයේ ආරම්භයත් සමගම දෙමළ බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරය යම් ගුනාත්මක වෙනසක් අත්පත් කරගත් අතර ක්‍රමානුකූලව ජාත්‍යන්තර වශයෙන්ද පුළුල් සහයක් ලබා ගන්නා ලදී. ලෝක අධිරාජ්‍යවාදී බලවේගයන්ගේ බෙදුම්වාදී වැඩපිළිවෙළ තුළ කොටුවී සිටි ලාංකීය ධනපති පක්ෂ කණ්ඩායම් විසින් පවත්වාගෙන ගිය අදූරදර්ශී යුද්ධ හා සාම වැඩපිළිවෙළවල් හමුවේ දෙමළ බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරය, සැළකිය යුතු පිමි ගනනාවක් ඉදිරියට පැමිණියේය. 2001 දෙසැම්බර් මැතිවරණයෙන් පසුව ගොඩනැගුනු එක්සත් ජාතික පෙරමුණු පාලනය හා එල්.ටී.ටීය අතර ඇතිකරගත් සාම ගිවිසුම හේතුකොට ගෙන, එතෙක් ලංකාවේ ජාතික ගැටළුවෙහි විකාශනය තුල අප හඳුනාගන්නා සුවිශේෂී ගුණාත්මක වෙනසක් දැකිය හැකිවිය.
මේත් සමගම බෙදුම්වාදයේ ආර්ථික, දේශපාලන යන හැම අංශයකම වේගවත් වර්ධනයක් පෙන්නුම් කල අතර වෙනම ඊළමක් පිහිටුවීමට ආසන්න තත්වයක් ඇතිව තිබුනි. ඉන්පසු පැවති යුද්ධයෙන් පසු බෙදුම්වාදයේ යුධමය ප්‍රකාශනය දුර්මුඛ වී ඇතත් ඒ හා අන්තර් සම්බන්ධිත අනෙකුත් බලවේගයන්ගේ බෙදුම්වාදී උපායමාර්ගයන් අත්හැර ඇති බවක් නොපෙනේ.
2009 හා 2010 වසරවල දෙමළ ඩයස්පෝරාවේ කණ්ඩායම් විසින් දෙමළ ජනමතවිචාරනයක් යුරෝපයේ ස්කැන්ඩිනේවියානු රටවල හා ඕස්ට්‍රේලියාවේ පවත්වන ලදී. එහි තේමාව වූයේ ලංකාව තුල වෙනම ඊළාම් රාජ්‍යයක් ගොඩනැගීමට පක්ෂද, විපක්ෂද යන්නයි. බහුතරය ඊළමට පක්ෂයි ලෙස අනුමත කර තිබූ අතර මෙම යෝජනාවලිය එහි සංවිධායකයන් සකස් කර තිබුනේ 1976 වඩුක්කෝඩෙයි යෝජනා මත පදනම් වෙමිනි....

Comments
Post a Comment