ජාතික ගැටළුව විමසමු... දහවැනි කොටස... තෙවන නිමාව... ශ්‍රී.ල.නි.ප ප්‍රමුඛ පාලන සමයන් තුළ ජාතික ගැටළුව....

ජාතික  ගැටළුව  විමසමු...
දහවැනි  කොටස... 
තෙවන   නිමාව...

ශ්‍රී.ල.නි.ප  ප්‍රමුඛ  පාලන  සමයන් තුළ ජාතික  ගැටළුව....
මහින්ද  රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් බලයට  පත්  වෙද්දී  ජවිපෙ සහාය  දුන්  අතර එම එකඟතා  කොන්දේසි වල  බෙදුම්වාදයට  එරෙහිව  කරණු  ගණනාවක්   ඇතුළත් විය.  චන්ද්‍රිකා  මෙන්ම  මහින්ද  රාජපක්ෂද, ඒවාට  එකඟ  වූයේ  බෙදුම්වාදය  සැබෑ ලෙසම  පැරදවීමට  නොව,  හුදු  බලය  ලබා  ගැනීමේ  අරමුණිනි.  ඒ නිසාම  සටන් විරාම  ගිවිසුම  පවත්වාගෙන  යාමටත්,  නෝර්වේ  වැනි  අධිරාජ්‍යවාදී  රටවල  මැදිහත්වීම් වලට  ඉඩකඩ  සැලසීමත්, ඉන්දීය   හා  බටහිර  බලපෑම්වලට  අනුව  බලය  බෙදීම  පිළිබඳව  සර්ව  පාක්ෂික  කමිටු  පවත්වාගෙන  යාමත්,  බලය  බෙදීම  ප්‍රශ්නයට ඇති  එකම  විසඳුම  යැයි  පිළිගෙන  කටයුතු  කිරීමත්  දැකිය  හැකි විය.
එහෙත් ඒ අතරම ජවිපෙද, ඇතුළුව බෙදුම්වාදී  විරෝධී  බලවේගයන්ගේ  බලපෑමත් නිසා  යම්  පමණක  එල්.ටී.ටී  විරෝධයක්  පෙන්නුම්  කිරීමට  ආණ්ඩුවට  සිදුවී  තිබුණි.  මෙසේ  ජාතික  ප්‍රශ්නයේ ගැටළුකාරී  බව  තව තවත්  උග්‍ර කරමින්  පැවති  අතර  ඉඳහිට  යුධ ජයග්‍රහණ  රටේ  පොදු  අර්බුධ  වසා  ගැනීමට  යොදා  ගන්නා ලදී.  රාජපක්ෂ පාලනයේ  මුල් අදියර  ගෙවුනේ  මෙයාකාරයටය. 
අනතුරුව  මැතිවරණ  ජයග්‍රහණ  ඉළක්ක  කරගනිමින්ම යුධ ජයග්‍රහණ  යොදා  ගැනීමට  ආණ්ඩුව  කටයුතු  කරනු ලැබූ  අතර  රටේ  පැවැති  බෙදුම්වාදී  විරෝධී,  දේශප්‍රේමී  මතයද  තමන්  අතට  ගැනීමට  උත්සාහ  ගත් අතර  එය  යම් දුරකට  සාර්ථක  විය.

කොටි සංවිධානය යුධ පෙරමුණේදී  දිගටම  අත්පත්  කරගත්  පරාජයන්  හමුවේ  පසුබැසීම තෝරාගෙන  සිටි  අතර  රට  තුළද  බෙදුම්වාදී  දේශපාලනයට  එරෙහිව  පෙලගැස්ම  ප්‍රභල  භූමිකාවක්  බවට  පත්ව  තිබුණි. අනෙක්  පසින්  රාජපක්ෂ  පාලනය  අධිරාජ්‍යවාදී  ආර්ථික    දේශපාලන  ප්‍රතිපත්තීන්  හිස් මුදුනින්  පිළිගැනීම  නිසා  අධිරාජ්‍යවාදීන්ටද,  රාජපක්ෂ  පාලනය  සමග මාරාන්තික  ප්‍රතිවිරෝධයක්  නොමැත.  ඒ  අතර  යුධ  ක්‍රියාවළිය  තුළ  සිදුවන  මානව  හිමිකම්  ප්‍රශ්න  පදනම් කරගෙන  බටහිර  නෝර්වේ  හා  එක්සත් ජාතින්ගේ  සංවිධානයේ   විශේෂ  නියෝජිතයෙකු  ලෙස  යශූෂී  ආකාෂී  වැන්නන්  යොදාගෙන  තිබුණි.

බෙදුම්වාදයේ  යුධ  පෙරමුණ  පරාජයට පත් කිරීමේදී   ජවිපෙ  දක්වන  ලද  දායකත්වය  මෙහිදී  වැදගත්  භූමිකාවක්  ඉටු  කලද  සමහර  සටන්  පාඨ  තේරීමේදී  ඒවා  තුළ  තබා  ගත යුතු  සමතුළනය  පවත්වා  ගැනීමට  අසමත්වීමත් දෙමළ  ජනතාවගේ  ප්‍රශ්න  පිළිබඳව  නැඟූ  හඬ  ප්‍රමාණවත්  නොවීමත්,  සමහර  සටන්  පාඨ  ජාතිවාදයට  නැඹුරු  සේ  පෙනීමත්  දැකිය  හැක.
බෙදුම්වාදයේ   යුධමය  පෙරමුණ  පරාජය  වීම  සමග  ජාතික  ප්‍රශ්නයට  අදාල  වෙනත්  ගැටළු  ගනනාවක්  මතුවී  ඇත.

Comments

Popular posts from this blog

සමාජවාදය තුළ මානව හිමිකම්...