ජාතික ගැටළුව විමසමු... තුන්වැනි කොටස...
ජාතික ගැටළුව විමසමු...
තුන්වැනි කොටස...
මුස්ලිම් ජාතිකත්වයේ විකාශය...
පෘතුගීසීන් ඉන්දියන් සාගරයට සමීප වනවිට ඉන්දියන් සාගරයේ න් වෙළෙඳ ආධිපත්‍යය හිමිකරගෙන සිටියේ මුස්ලිම්වරු විසිනි. මොවුහු ඉන්දියාවේ මලබාරයේ පදිංචිව සිටියහ. 13වන සියවස පටන් ඉන්දු- ලංකා වෙළෙඳාම පැවැතියේ මොවුන් අතය. පෘතුගීසීන් ලංකාවට ගොඩ බසින විට කොළඹ නගරය මූලිකවම මුස්ලිම් ජනාවාසයක් විය. නිරිතදිග මුහුදුබඩ ප්‍රදේශයේදී පෘතුගීසීන් හා ලන්දේසීන් ගැටීම හේතු කොටගෙන එම ප්‍රදේශ වලින් ඉවත්වීමට සිදු වුවත් ඔවුන් කන්ද උඩරට රාජධානියට අයත් නැගෙනහිර වෙරළෙහි පදිංචි වූහ. අද දවසේත් මොවුන් නැගෙනහිර වෙරළබඩත්, බටහිර වෙරළබඩත් ප්‍රධාන නගරවලත් රාශීභූත වී සිටී. මොවුන් කතාකරන්නේ දෙමළ භාෂාවය. නමුත් මෙය අරාබි බලපෑමට හසුවී යම් පමණකට ප්‍රාදේශීයකරණය වුවකි. මෙය තමිල්නාඩුවේ හෝ වතුකරයේ හෝ යාපනයේ කතාකරන දෙමළ උච්ඡාරණයට වඩා වෙනස් වූවකි. ඉස්ලාම් ආගම ඇදහීම හා වෙළුනු සමාජ සංස්කෘතික ජීවිතය හේතුකොට ගෙන මොවුහු දෙමළ ජාතිකත්වයෙන් මූලික වශයෙන් වෙනස්වෙති.
පසුකලෙකදී දිගින් දිගටම දකුණු ඉන්දියාවෙන් ලංකාවේ උතුරු ප්‍රදේශයට එල්ලවූ බොහෝ ආක්‍රමණ හේතුවෙන් ක්‍රමාණුකූලව ලාංකීය සමාජ සංවිධාන බිඳවැටුනු අතර විශේෂයෙන්ම සිංහල හා දෙමළ ජාතිකත්වය දෙපසට ඇදී ගිය බව පෙනේ. ඓතිහාසික කරුණු වලට අනුව 15වන සියවස පටන් මෙසේ වෙන්ව පැවතීමට අදාල වටපිටාව නිර්මාණය වූ බව පෙනේ. පෘතුගීසි පාළන කාලය තුල කෝට්ටේ, යාපනය, හා කන්ද උඩරට මූලික කරගත් රාජධානීන් පැවැති බවට ඓතිහාසික කරුණු ප්‍රමාණවත් තරම් ඇත. මෙලෙස මූලික වශයෙන් ප්‍රභවයන් තුනකින් යුත් සංස්කෘතික පදනම් තුනකින් යුත් වෙනස් භාෂා කතා කරන වෙනස් ජනප්‍රජාවන් තුනක් ප්‍රධාන වශයෙන් වාසය කිරීම නිසා ලංකාවේ බහුජාතික රාජ්‍යයක් නිර්මාණය වීමට අදාල මූලික විෂයමූල පදනම සකස්වීඇත....
ලංකාවේ ධනේෂ්වර සංවර්ධනයේ ස්වරූපය හා බහුජාතික රාජ්‍යයක් වශයෙන් දිගටම පැවතීම....
මෙසේ දිගින් දිගටම ජාතිකත්වයන් යම් පමණකට හුදෙකලාව විෂයමූල පදනමක් ගොඩනැගෙමින් හා වර්ධනය වෙමින් පැවති අතර ලංකාවේ ධනපති ක්‍රමය බිහිවීමට තරම් අභ්‍යන්තරික සමාජමය ප්‍රතිරෝධයන් මුහුකුරා නොතිබූ වකවානුවක, ආසියාතික සමාජ ආර්ථික හැඩගැස්මක් තුළ පැවතියාවූ ලාංකීය සමාජය මත බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ දේශපාලනික හා ආර්ථික උවමනාවන්ගේ බලපෑම හේතු කොටගෙන ධනපති ක්‍රමය උත්තරාරෝපනය විය.
මෙසේ බ්‍රිතාන්‍යයන් විසින් මෙරට ආර්ථික නිෂ්පාදන රටාව පලවා හරිමින් ධනපති ක්‍රමය සමග ධනේෂ්වර නිෂ්පාදන සබඳතාවයන් ඔස්සේ මධ්‍යගත රාජ්‍යයක් බිහිවීමට අවශ්‍ය පදනම සැකසුණි. එහෙත් ජාතිකත්වයන් ස්වීකරණයවීමෙන් එක් ජාතියක් නිර්මාණය වෙනවා වෙනුවට ස්වීකරණය නොවූ ජාතිකත්වයන් කිහිපයකින් සමන්විත බහුජාතික රාජ්‍යයක් නිර්මාණය වීම සිදුවිය.
ලංකාවේ ධනපති නිෂ්පාදන සබඳතා තහවුරු කිරීමත් සමග මධ්‍යගත බහුජාතික රාජ්‍යයක් බිහිවූ අතර ජාතිකත්වයන් සියල්ලටම පොදුවූ එක් ආර්ථිකයක් මෙමගින් ඇති කෙරිණි. සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතිකත්වයන් පොදු ආර්ථික ජීවිතයක් තුළ එනමුදු ස්වීකරණය නොවී වෙනමම තවදුරටත් බහුජාතික රාජ්‍යයක වෙනස් ජාතිකත්වයන් වශයෙන් පවතී. එලෙස ස්වීකරණය සිදුවූවානම්, ලාංකීය ඉතිහාසය හා ජාතික ගැටළුව පිළිබඳව වර්තමාන තතු බොහෝ සෙයින් වෙනස්වීමට ඉඩ තිබුණි....

Comments
Post a Comment