ජාතික ගැටළුව විමසමු.... හත්වැනි කොටස.... එජාප පාලන සමය තුළ ජාතික ගැටළුව...
ජාතික ගැටළුව විමසමු....
හත්වැනි කොටස....
එජාප පාලන සමය තුළ ජාතික ගැටළුව...
දෙවන නිමාව...
ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ වකවානුව තුළ එල්.ටී.ටී.ඊ සංවිධානයට මුදල්, ආයුධ හා ද්‍රව්‍යමය ආධාර ලබාදීමත් විසින් මෑත ඉතිහාසය තුළ ජාතික ගැටළුව අද පවතින සංකීර්ණත්වයට රැගෙන ඒම සඳහා එ.ජා.පක්ෂය බරපතළ අයුරින් දායක වී ඇත. එ.ජා.ප. පාලන සමයන් තුළ ජාතික ගැටළුවේ විකාශනයේ තර්කානුකූල අවසානය ලෙස විය යුතු පරිදිම 2001 දෙසැම්බර් මැතිවරණයෙන් පසු ගොඩනැගුනු රනිල් පාලනය විසින් අධිරාජ්‍යවාදීන්ගේ සියළු අවශ්‍යතාවයන් මුදුන් පමුණුවාගැනීමට ඉඩ සලසමින් එල්.ටී.ටී.ඊ සමග ගිවිසුමකට එළැඹුණි. මෙමගින් වෙනම දෙමළ ඊළාම් රාජ්‍යයක් ගොඩනැගීම සඳහා වූ දෙමළ ජාතිවාදී සන්නද්ධ ව්‍යාපාරය ඉහළ තලයකට ඔසවා තැබුණු අතර, බෙදුම්වාදී දේශපාලනය පිළිබඳව ලාංකීය අත්දැකීම නව පරිච්ඡේදයක් වෙත අවතීර්ණ විය.
සටන් විරාම ගිවිසුම මගින් එල්.ටී.ටී.ඊ සංවිධානය,
1. රාජ්‍ය තාන්ත්‍රික
2. ආර්ථිකමය
3. යුධමය
4. දේශපාලනිකමය
5. ජනමාධ්‍ය
ආදී ක්ෂේත්‍රවල විශාල ජයග්‍රහණ අත්පත් කර ගන්නා ලදී. ජාත්‍යන්තර වශයෙන් නිළ පිළිගැනීමක් ලැබීමත්, දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා ලෙස ජාත්‍යන්තර ප්‍රජාව විසින් එල්.ටී.ටී ය පිළිගැනීමත්, ජාත්‍යන්තර ආයතන ( ලෝක බැංකුව, එක්සත් ජාතීන්ගේ සංවිධානය ) ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන කෙලින්ම එල්.ටී.ටී යට මුදල් හා ආධාර ලබා ගැනීමට හැකිවීමත්, උතුරු- නැගෙනහිර යාවත්කාලීන වශයෙන් වෙනම පාලනයක් පැවැති බවට සනාථ කිරීමට අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලිය ක්‍රියාත්මක විය.
එමෙන්ම විදේශ ආධාර සහ අරමුදල් කෙලින්ම ලබා ගැනීම, ආණ්ඩුවේ අරමුදල් සියල්ලම උතුර හා නැගෙනහිරදී එල්.ටී.ටීය හරහා වියදම් කිරීම, A9 මාර්ගයේ ඕමන්තයේදී එල්.ටී.ටීයට නිල වශයෙන් බදු අය කිරීමට ඉඩදීම මගින් විශාල ආර්ථික ශක්තියක්ද ඇති කර ගන්නා ලදී. යුධමය වශයෙන් ශ්‍රී ලංකාවේ බුද්ධි අංශය විනාශ කිරීමටද, ශ්‍රී ලංකා හමුදාවේ සැළසුම් තම අතට ගැනීම හා ශ්‍රී ලංකාවේ හමුදා කඳවුරු 122ක් පමණ ( රජයේ ලේඛණවලට අනුව ) ඉවත් කර ගැනීමද, දුර්වල වූ ආණ්ඩුවේ හමුදා හමුවේ රටේ සියළු මර්මස්ථානවල තොරතුරු ඉතා පහසුවෙන් දැනගැනීමට හැකි වීමද, ශ්‍රී ලංකා යුධ හමුදාවට අනුව නැව් 11ක ආයුධ රනිල් වික්‍රමසිංහ ආන්ඩුවේ අවබෝධය සහිතව ගෙන්වා ගනිමින් සටන් විරාම ගිවිසුමට පෙර සිටි තත්වයට සාපේක්ෂව හතර ගුණයකින් ආයුධ ශක්තිය වර්ධනය කර ගැනීමටද, එල්.ටී.ටීයට මෙම ගිවිසුම හරහා හැකිවිය. නෝර්වේ තානාපති මගින් චන්ද්‍රිකා රූපවාහිනී නාලිකා ( TTN ) දෙකකට අදාල විද්‍යුත් උපකරණ ලබා ගැනීම මගින් ලොව පුරා තම රූපවාහිනී සේවාවක් ආරම්භ කරගැනීමට හැකිවීමද එල්.ටී.ටීය ලැබූ ජයග්‍රහණයකි. 2004 අප්‍රේල් 02 රනිල් වික්‍රමසිංහ පාලනය අවසන් වනවිට උතුරු හා නැගෙනහිර තුළ සෑම අතින්ම වෙනම රාජ්‍යයකට අදාල සාධක සම්පූර්ණ වෙමින් පැවතින.
සටන් විරාම ගිවිසුම එල්.ටී.ටීයට ලබාදුන් ජයග්‍රහණ හා සමානම විශාලතම වරද වූයේ ලංකාවේ ජාතික ප්‍රශ්නයට මැදිහත්වීම තුළින් අධිරාජ්‍යවාදීන්ට අපේ රටේ ස්වෛරීභාවයට ඇඟිලි ගැසීමට මහගු අවස්ථාවක් උදාකර දීමයි. එම ගිවිසුම මගින් ඇති කරනු ලැබූ සම සභාපතිවරු 4 නැමැති අධිරාජ්‍යවාදී ව්‍යූහය තුළ රටේ ස්වෛරීභාවයට කෙළින්ම ඇඟිලි ගසන, රටට විධාන පනවන තත්වයකට තිබුණි...........
හත්වැනි කොටස....
එජාප පාලන සමය තුළ ජාතික ගැටළුව...
දෙවන නිමාව...
ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ වකවානුව තුළ එල්.ටී.ටී.ඊ සංවිධානයට මුදල්, ආයුධ හා ද්‍රව්‍යමය ආධාර ලබාදීමත් විසින් මෑත ඉතිහාසය තුළ ජාතික ගැටළුව අද පවතින සංකීර්ණත්වයට රැගෙන ඒම සඳහා එ.ජා.පක්ෂය බරපතළ අයුරින් දායක වී ඇත. එ.ජා.ප. පාලන සමයන් තුළ ජාතික ගැටළුවේ විකාශනයේ තර්කානුකූල අවසානය ලෙස විය යුතු පරිදිම 2001 දෙසැම්බර් මැතිවරණයෙන් පසු ගොඩනැගුනු රනිල් පාලනය විසින් අධිරාජ්‍යවාදීන්ගේ සියළු අවශ්‍යතාවයන් මුදුන් පමුණුවාගැනීමට ඉඩ සලසමින් එල්.ටී.ටී.ඊ සමග ගිවිසුමකට එළැඹුණි. මෙමගින් වෙනම දෙමළ ඊළාම් රාජ්‍යයක් ගොඩනැගීම සඳහා වූ දෙමළ ජාතිවාදී සන්නද්ධ ව්‍යාපාරය ඉහළ තලයකට ඔසවා තැබුණු අතර, බෙදුම්වාදී දේශපාලනය පිළිබඳව ලාංකීය අත්දැකීම නව පරිච්ඡේදයක් වෙත අවතීර්ණ විය.
සටන් විරාම ගිවිසුම මගින් එල්.ටී.ටී.ඊ සංවිධානය,
1. රාජ්‍ය තාන්ත්‍රික
2. ආර්ථිකමය
3. යුධමය
4. දේශපාලනිකමය
5. ජනමාධ්‍ය
ආදී ක්ෂේත්‍රවල විශාල ජයග්‍රහණ අත්පත් කර ගන්නා ලදී. ජාත්‍යන්තර වශයෙන් නිළ පිළිගැනීමක් ලැබීමත්, දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා ලෙස ජාත්‍යන්තර ප්‍රජාව විසින් එල්.ටී.ටී ය පිළිගැනීමත්, ජාත්‍යන්තර ආයතන ( ලෝක බැංකුව, එක්සත් ජාතීන්ගේ සංවිධානය ) ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන කෙලින්ම එල්.ටී.ටී යට මුදල් හා ආධාර ලබා ගැනීමට හැකිවීමත්, උතුරු- නැගෙනහිර යාවත්කාලීන වශයෙන් වෙනම පාලනයක් පැවැති බවට සනාථ කිරීමට අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලිය ක්‍රියාත්මක විය.
සටන් විරාම ගිවිසුම එල්.ටී.ටීයට ලබාදුන් ජයග්‍රහණ හා සමානම විශාලතම වරද වූයේ ලංකාවේ ජාතික ප්‍රශ්නයට මැදිහත්වීම තුළින් අධිරාජ්‍යවාදීන්ට අපේ රටේ ස්වෛරීභාවයට ඇඟිලි ගැසීමට මහගු අවස්ථාවක් උදාකර දීමයි. එම ගිවිසුම මගින් ඇති කරනු ලැබූ සම සභාපතිවරු 4 නැමැති අධිරාජ්‍යවාදී ව්‍යූහය තුළ රටේ ස්වෛරීභාවයට කෙළින්ම ඇඟිලි ගසන, රටට විධාන පනවන තත්වයකට තිබුණි...........
Comments
Post a Comment