ජාතික ගැටළුව විමසමු... පස්වැනි කොටස....

ජාතික  ගැටළුව  විමසමු...
පස්වැනි  කොටස....

යටත්විජිත උපායමාර්ග  හමුවේ  ලාංකීය  ජාතික  ව්‍යාපාරය  දුර්වලවීම්  හා  ධනපති පංතියේ  සිංහල  ජාතිවාදය  හා  දෙමළ  ජාතිවාදය....



ලංකාවේ  ජාතික ව්‍යාපාරය  ආරම්භයේ  සිංහල,  දෙමළ, මුස්ලිම්  නායකයින්  එක්ව  කටයුතු  කරණු   දක්නට  තිබුණි. විශේෂයෙන්  පොන්නම්බලම් අරුණාචලම්,  සිද්ධි ලෙබ්බේ   වැනි අය  කැපී  පෙනුනි.  එහෙත්  පසුව  මෙම පොදු  හැඟීම  අභිබවමින්  ජාතික  මානසිකත්වයක්  වර්ධනය වූ  බව  පෙනේ.  එනිසා  ලංකාවේ  ජාතික  ව්‍යාපාරය  ඉක්මනින්ම  ජාතික  ව්‍යාපාරයක  පොදු  ශක්‍යතාවයෙන්   මිදුනාවූත්,  ජාතිකත්වයන්  එක්තැන් කරනවා  වෙනුවට   ඒවා  අතර  අසමගිය වර්ධනය  කරන්නාවූත්,  පොදු  මානසිකත්වයක්  ගොඩ නගනවා  වෙනුවට,  පටු  පාර්ශවීය  ජාතිකත්ව  හා වෙනත්  උවමනාවන්  තුළට  ජනතාව  ඇද දමනු  ලැබුවාවූත්  පසුගාමී  ලක්ෂණයන්ගෙන්  යුක්ත  විය.  ජාතික  ව්‍යාපාරයේ  බෙදීයාම  සිදු වූයේ  මෙසේය.

*  1917  මැයි මාසයේදී  ලංකා  ප්‍රතිසංකරණ  සංගමය  පිහිටුවීම.  ( ලංකාවේ  ජාතික  ව්‍යාපාරය  දේශපාලන       අරමුණක්  සහිතව  කළ එළි බැසීම. )
* 1919 දෙසැ. 11  ලංකා  ජාතික  සංගමය  පිහිටුවීම. 
* 1921  අගෝස්තු 16  ජාතික  සංගමයෙන්  වෙන්වී ගිය  දෙමළ  ධනපති  පංතියේ  කොටස්   දෙමළ  මහජන      සභාව  පිහිටුවීම.
*  1921  මැලේ  දේශපාලන  සංගමය  පිහිටුවීම.
*  1931  ජූලි-  වතුකරයේ ලංකා  ඉන්දියානු  සංගමය  පිහිටුවීම.
*  1936  සිංහල  මහා  සභාව  පිහිටුවීම.
* 1944  ඔක්තෝබර්  24 -  සමස්ථ  ලංකා  දෙමළ සංගමය  චෙල්වනායගම්ගේ  නායකත්වයෙන් පිහිටුවීම.
*  1946  සැප්තැම්බර්  06  -  එක්සත් ජාතික  පක්ෂය  පිහිටුවීම....




ඒ අනුව  මෙරට  ධනපති  පංතියේ  කොටස්  බ්‍රිතාන්‍යයන්ගේ  බලය  හුවමාරු  කර  ගැනීමට   පළමුවද  ඉතා  පැහැදිළි  ලෙසම  බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ  උපායමාර්ග  තුළ  කොටුවී  එහි  සිරකරුවන්  බවට  පත්වූ  බවද  පැහැදිළිය.
බ්‍රිතාන්‍යයන්  විසින්  ලාංකීය  ධනපති  පංතිය  වෙත  බලය  පවරන  විටදී  සිංහල  දෙමළ  ජාතිකත්වයන්  දෙකට  අනුරූපී වූ  ප්‍රධාන  ධනපති  දේශපාලන  පක්ෂ  දෙකක්   ලෙස  සමස්ථ  ලංකා  දෙමළ  සංගමය  හා  එක්සත් ජාතික  පක්ෂය බිහිවී  තිබුණි.  මෙසේ  බ්‍රිතාන්‍යයෙන්  බලය  හුවමාරු  කරගත්  මෙරට  සිංහල,  දෙමළ  ධනපති  පංතියේ  කොටස්  තමන් වෙතට  බලය  හුවමාරු  කර ගැනීමටත්,   බලය  තහවුරු  කර  ගැනීමටත්  තරඟයට  මෙන්  ජාතිවාදය   වපුරන්නට  විය.  මෙය  ජාතිවාදය  වැඩීයාමටත්  ජාතික  ප්‍රශ්නය  අද  පවතින  තත්වය  දක්වා  සංකීර්ණ  වීමටත් බලපෑ  එක් ප්‍රධාන  මනෝමූල  සාධකයක්  විය.... 




Comments

Popular posts from this blog

සමාජවාදය තුළ මානව හිමිකම්...

ෆැසිස්ට්වාදය.....?