"ගින්නෙන් උපන් ශීතල" The Frozen Fire උණුසුම් වෙන්න පටන් අරන්..
"ගින්නෙන් උපන් ශීතල" The Frozen Fire උණුසුම් වෙන්න පටන් අරන්..
මෙම චිත්‍රපටය මේ වන විට ඔස්කාර් සම්මාන සිනමා උළෙල සඳහා ඉදිරිපත් කිරිමට අවශ්‍ය එනම් අයදුම් කිරීම සදහා අවශ්‍ය මූලික සුදුසුකම් ලබා ගැනීම සඳහා වූ පියවරෙහි මූලික කටයුතු වන, ලොස් ඇන්ජලීස් නුවර ඕනෑම සිනමා ශාලාවක අවම වශයෙන් දර්ශනවාර 21ක් ප්‍රදර්ශනය කිරීම, ඒ වගේම එහිදී චිත්‍රපටය නැරඹීම සඳහා චන්දය ප්‍රකාශ කිරීම සදහාසුදුසුකම් ලත් අය (Voters) මෙම චිත්‍රපටය නැරඹීමට පැමිණීම මෙහිදී සිදු වන අනෙකුත් ප්‍රධාන කරුණක් වේ.
මෙම චිත්‍රපටය ඇමරිකාවේ ප්‍රදර්ශනය කිරිමේ මූලික කටයුතු සිදු කරනු ලබන්නේ ඉන්දීය සමාගමක් මගිනි.
මෙහිදී අප විසින් කරනු ලබන වැදගත් අවශ්‍යතාවක් වන ලොස් ඇන්ජලීස් නුවර ශ්‍රී ලාංකික සමාජය හරහා මෙමචිත්‍රපටය සඳහා චන්දය භාවිතා කරන්නන්ගේ (Voters) සහාභාගිත්වය උපරිමයෙන් ලබා ගැනීමට අපගේ ප්‍රචාරමය සහාභාගීත්වය ලබා දීමයි.
ඒ සදහා ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ සභාපති විසින්, ලොස් ඇන්ජලීස් නුවර කවුන්සිල් ජනරාල් කාර්යාලය වෙත රාජ්‍යය මට්ටමින් කරන ලද ඉල්ලීමකට අනුව ද, මෙම චිත්‍රපටය අධ්‍යක්ෂක සහ කැමරා අධ්‍යක්ෂවරයා සමග ඇති මිත්‍රත්වය මත ද අපි ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීම කරනු ලබයි.
ශ්‍රී ලාංකීය සිනමාවට තිබෙන කැමත්ත සහ ආදරය නිසාත්, කාලයකට පෙර සිට කලාවත් සමග තිබු බැදියාව නිසාත්, ශ්‍රී ලාංකිකයන් ලෙස අපගේ වගකීමක් ලෙස සිතා අපේ උපරිම සහයෝගය ඔවුන්ට ලබා දීමට කටයුතු කරමු. එලෙසම ලාංකීය සිනමාව ජාත්‍යන්තරයට ගෙන යාමට ඔවුන් දරන උත්සාහයට අපි ඔවුන්ට ස්තුතිවන්ත විය යුතු අතර, අපගේ සහයෝගය පල කරමු.
මෙහිදී විශේෂයෙන් සදහන් කළ යුතු කරුණක් වන්නේ, ලංකාවේ සහ සමහර විදේශීය මාධ්‍ය වල වාර්තා වී තිබු වැරදි ප්‍රචාරයක් උපයෝගී කර ගනිමින්, එකිනෙකාට ඇගිල්ල දිගු කර ගැනීමට වඩා වැදගත් වන්නේ සැබවින්ම ශ්‍රී ලාංකිකයන් ලෙස මෙම ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගෙන මෙම චිත්‍රපටය ඔස්කාර් සම්මාන උළෙල සදහා නිර්දේශය දක්වා යෑමට අවශ්‍ය පසුබිම නිර්මාණ කිරිමයි. එහිදී ගෞරවය හිමි වන්නේ අපගේ මාතෘභූමියටයි. ඉතින් හිතාදර ලොස් ඇන්ජලීස් නුවර වාසී ශ්‍රී ලාංකිකයනි, අප සැම එක් වී මෙම චිත්‍රපටය සාර්ථක කරගැනීමට අපගේ උපරිම සහයෝගය ලබා දීමට කටයුතු කරමු. ඔස්කාර් සම්මාන උළෙලේදී ප්‍රධාන ධාරාවේ (Main stream category) සිනමා පටයක් ලෙස තෝරා පත්වීම සඳහා අවස්ථාව උදාවේවා යැයි සුභ පතමින්, අපගේ මාතෘභූමියේ ධජය ලෙල දීමට හැකි වේවායි සුභාශිංසන ගෙන එමු. එදිනට අපට සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස ආඩම්බර විය හැක. තරගයක වැදගත් වන්නේ සහභාගීත්වයයි....

Comments
Post a Comment