ජාතික ගැටළුව විමසමු... හතරවැනි කොටස....
ජාතික ගැටළුව විමසමු...
හතරවැනි කොටස....
ලාංකීය පසුගාමී ක්‍රමය තුළ ජාතික ගැටළුව වර්ධනය වූ අයුරු....
උත්තරාරෝපිත ලාංකීය ධනේෂ්වර ක්‍රමය, එහි උපතේ පටන්ම පසුගාමී ස්වාභාවයක් ගන්නා ලද අතරම වෙනත් බොහෝ සමාජ- ආර්ථික ගැටළු උත්සන්න කිරීමට, එම සමාජ තත්වය බලපෑ අයුරින්ම, ජාතික ගැටළුව අද පවතින සංකීර්ණ තත්වයට පත් කිරීම සඳහාද බෙහෙවින් හේතු පාදක වී ඇත. අනෙක් අතට, ලංකීය ධනේෂ්වර සංවර්ධනය, පළමුව යටත්විජිත වකවානුව තුළත්, පසුව නව යටත්විජිත වකවානුව තුලත්, විකාශනය වී ඇති අතර, ජාතික ගැටළුවේ වර්ධනයවීම එම විකාශනයන්ට සමාන්තරව විමසා බැලිය යුතුය.

බ්‍රිතාන්‍ය පාලන සමය තුළ ජාතිකත්වයන් බෙදා පාලනය කිරීම...
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පාලන කාලය තුළද ජාතිකත්වයන් අතර ස්වීකරණයවීමක් සිදු නොවීය. ජාතිකත්වයන් අතර මිත්‍රත්වය, සමගිය, ස්වීකරණය, යටත්විජිත ආන්ඩුවට එහි පැවැත්මට හිතකර දෙයක් නොවීම නිසා එක් පැත්තකින් ජාතික වෙළෙඳපොළක් නිර්මාණය කරමින් ජාතික රාජ්‍යයකට අත්තිවාරම දමමින්, මුලුමහත් දිවයිනම එකම ධජයක්, එකම නීතියක්, එකම පාලනයක් යටතට ගෙන ආ අධිරාජ්‍යවාදී ධනපති පංතිය, අනෙක් අතට ජාතිකත්වයන් අතර වෙනස්කම් අසමගිය හා සතුරුභාවයන් රැකෙන අයුරින් හා වැඩෙන අයුරින් කටයුතු කළහ.
වර්ෂ 1880දී පමණ මැලේ පවුලක්.
ඉංග්‍රීසි භාෂාව පොදු භාෂාවක් බවට පත්කර ජාතිකත්වයන් අතර පවතින භාෂාමය වෙනස්කම් අහෝසි වන්නට ඉඩ හරිනවා වෙනුවට එය පරිපාළන භාෂාවක් ලෙසට පමණක් සීමා කිරීමත්, ව්‍යවස්ථාදායක මණ්ඩලවලට නියෝජිතයින් පත්කර ගැනීම, යටත්විජිත ආණ්ඩුවලට නිලධාරීන් හා කම්කරුවන් බඳවාගැනීම, අධ්‍යාපන ප්‍රතිපත්තීන් සැකසීම, යන සෑම කාරණයකදීම ජාතිකත්ව පදනම ඒ සඳහා දිගින් දිගටම යොදා ගන්නා ලදී.
මෙකී කාරණා තවදුරටත් සැළකිල්ලට ලක් කරන්නේ නම් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් සිය යටත්විජිතය හැර යන මොහොත වනවිට මෙරට මෙරට ඉංග්‍රීසි භාෂාව දත් අයගේ ප්‍රමාණය 10%ක් පමණ විය. 1910දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට මන්ත්‍රීන් පත් කිරීමේ මැකලම් ප්‍රතිසංස්කරණයේදී පත්කළ මන්ත්‍රීන් 21ක් දෙනාගෙන් 11දෙනෙකු නිලබලයෙන් පත්කළ අතර ඉතිරි පිරිස අතරින් 6දෙනෙකු පහතරට සිංහල 02ක්ද, ( හලාගම 01, කරාව01 ) උඩරට සිංහල 01ක්ද, ලාංකීය ද්‍රවිඩ 01ක්ද, මුස්ලිම් 01ක්ද වශයෙන් පත්කළ අතර ඉතිරි හතරදෙනා යුරෝපීය 02ද, බර්ගර් 01ද, සිංහල 01ද වශයෙන් ඡන්දයෙන් පත්කර ගන්නා ලදී.
මෙලෙස ජාතිකත්වයන් අතර සතුරුභාවය වර්ධනය වන අයුරින් කටයුතු කළා පමණක් නොව එකම ජාතිකත්වය තුළ පවා කුළ සහ වෙනත් ප්‍රාදේශීය බෙදීම් හරහා අසමගිය වර්ධනය වන අයුරින් මනාව සැළසුම් සහගතව කටයුතු කළහ....

Comments
Post a Comment