ජාතික ගැටළුව විමසමු... අටවැනි කොටස... ශ්‍රී.ල.නි.පය ප්‍රමුඛ පාලන සමයන් තුළ ජාතික ගැටළුව...

ජාතික ගැටළුව  විමසමු...
අටවැනි  කොටස...
පළමු නිමාව...

ශ්‍රී.ල.නි.පය  ප්‍රමුඛ  පාලන  සමයන් තුළ  ජාතික  ගැටළුව...

                                නායකත්වය  පිළිබඳව  ප්‍රශ්නය  මුල් කරගෙන  එ.ජා.පයෙන්  කැඩී වෙන් වූ  බණ්ඩාරනායක  1951 සැප් 02 දා  ශ්‍රී.ල.නි.පය  පිහිටුවා ගන්නා  ලද අතර  ආරම්භයේදීම  පැය 24න්  සිංහල  භාෂාව  රාජ්‍ය භාෂාව  කිරීමේ  ජාතිවාදී සටන්  පාඨය  බලය  ලබා  ගැනීම  සඳහා  යොදා ගන්න  ලදී.  කලින්  රාජ්‍ය  භාෂාව  වශයෙන්  පැවැති  10% පමණ  ජනගහනය  යන්තමින් හෝ  කථාකළ  ඉංග්‍රීසි  වෙනුවට  භාෂාවන්  තුනම   එනම්  සිංහල,  දෙමළ,  ඉංග්‍රීසි  රජයේ  හා  පොදු  කටයුතු වලට  යොදා ගන්නවා  වෙනුවට  මේ  ධනපති  දේශපාලන  පක්ෂ  දෙකම  තරඟයට  සිංහල  භාෂාව  රාජ්‍ය  භාෂාව  කිරීමට  උනන්දු  වූහ.  ශ්‍රී.ල.නි.ප  නායකයින්ද  ලංකාවේ  ජාතික  ගැටළුවේ  විසඳිය  යුතුව  ඇති   බරපතල  ප්‍රශ්නයක්  වන  වතුකරයේ  දෙමළ  ජනතාව  සම්බන්ධයෙනුත්,  ඉන්දීය  සම්භවයක්  සහිත දෙමළ  ධනපතියන්  සම්බන්ධයෙනුත්  අනුගමනය   කළේ  එ.ජා.පය   අනුගමනය කළ  දෙබිඩි ප්‍රතිපත්තීන්ම  විය.  1972  සමගි  පෙරමුණු  රජය විසින්  නව  ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවත්,  ප්‍රමිතිකරණයත්  ඉදිරිපත් කරන  ලදී.  එහි  ඇමති  අනු  කාරක  සභාවේ  ප්‍රමුඛයා  වූයේ  පීටර්  කෙනමන්ය.  සිංහල  භාෂාව  රාජ්‍ය  භාෂාව  ලෙස නිළ  වශයෙන්  ව්‍යවථාවට  එකතු  කළේ   සමගි  පෙරමුණය. උතුරේ  තරුණයන්  දෙමළ  ඊළාම්  ප්‍රචණ්ඩ ව්‍යාපාරය  වෙත  ඇද  දැමීමට ප්‍රමිතිකරණය  වඩා  දැඩිව  බලපෑ  කරුණක්  බව  අමතක  කළ  නොහැක.



Comments

Popular posts from this blog

සමාජවාදය තුළ මානව හිමිකම්...

ලක්දිවේ ආදි ජනයා....පළමු කොටස....