ජාතික ගැටළුව විමසමු... දහවැනි කොටස... තෙවන නිමාව... ශ්‍රී.ල.නි.ප ප්‍රමුඛ පාලන සමයන් තුළ ජාතික ගැටළුව....

ජාතික ගැටළුව විමසමු... දහවැනි කොටස... තෙවන නිමාව... ශ්‍රී.ල.නි.ප ප්‍රමුඛ පාලන සමයන් තුළ ජාතික ගැටළුව.... මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් බලයට පත් වෙද්දී ජවිපෙ සහාය දුන් අතර එම එකඟතා කොන්දේසි වල බෙදුම්වාදයට එරෙහිව කරණු ගණනාවක් ඇතුළත් විය. චන්ද්‍රිකා මෙන්ම මහින්ද රාජපක්ෂද, ඒවාට එකඟ වූයේ බෙදුම්වාදය සැබෑ ලෙසම පැරදවීමට නොව, හුදු බලය ලබා ගැනීමේ අරමුණිනි. ඒ නිසාම සටන් විරාම ගිවිසුම පවත්වාගෙන යාමටත්, නෝර්වේ වැනි අධිරාජ්‍යවාදී රටවල මැදිහත්වීම් වලට ඉඩකඩ සැලසීමත්, ඉන්දීය හා බටහිර බලපෑම්වලට අනුව බලය බෙදීම පිළිබඳව සර්ව පාක්ෂික කමිටු පවත්වාගෙන යාමත්, බලය බෙදීම ප්‍රශ්නයට ඇති එකම විසඳුම යැයි...