
ජාතික ගැටළුව විමසමු.... එකොළොස්වන කොටස... දෙමළ ජාතිවාදය ඊළමක් දක්වා වර්ධනය වීම.... ලංකාවේ ජාතිකත්වයන් අතර ප්‍රතිවිරෝධයට දීර්ඝ හා ගැඹුරු ඓතිහාසික කරුණු ඇත. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පාලනය තුල "බෙදා වෙන්කොට පාලනය" හේතුකොටගෙන මෙය තව දුරටත් වර්ධනය විය. නව යටත්විජිත වකවානුව තුළ රට පාලනය කල ධනපති කන්ඩායම් දෙක තරඟයට ජනතාව මුළාකොට බලයට ඒම සඳහා ජාතිවාදය ඇවිස්සීමත්, ආර්ථික අර්බුධයට ජාතිකත්වය ආරෝපනය කිරීමත්, බලයට ඒම සඳහාම විවිධ අවස්ථාවලදී සිංහල හා දෙමළ බහු ජනතාව මුලාකොට සිංහල ධනපති පංතිය හා දෙමළ ධනපති පංතිය...