ජාතික ගැටළුව විමසමු...

ජාතික ගැටළුව විමසමු... පළමු කොටස... පිවිසුම... දශක 03ක් තිස්සේ පැවැති බෙදුම්වාදී යුද්ධයේ අවසානයත් සමගම ජාතික ප්‍රශ්නය සම්බන්ඳව කතිකාව අලුත් වී තිබේ. ඒ අතර පෙර මෙන්ම් ධනේෂ්වර, සුළු ධනේෂ්වර හා වාමාංශික යැයි කියාගන්නා දේශපාලන පක්ෂ විසිනුත් රාජ්‍ය නොවන සංවිධාන හා සමහර සිවිල් බුද්ධිමතුන් විසිනුත් ඉදිරිපත් කරනු ලබන නිර්මාක්ස්වාදී හා අවිද්‍යාත්මක මතවාදයන් හේතුකොට ගෙන ලංකාවේ ජාතික ගැටලුව පිළිබඳව බරපතල මතවාදී ව්‍යාකූලත්වයක් නිර්මාණයවී ඇත. ජාතික ගැටලුව පිලිබදව හැදෑරීම... මේ සදහා අප විසින් විද්‍යාත්මක විධික්‍රමයක් භාවිතා කළ යුතුය. ඕනෑම ගැටලුවක් වටහා ගැනීමේ විද්‍යාත්මක විධික්‍රමයක් ලෙස එම ගැටළුව- ...